තරුණ වෙන්න කියලා පුතාගෙ ලේ විඳගත්ත තාත්තා
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
14

තරුණ වෙන්න කියලා පුතාගෙ ලේ විඳගත්ත තාත්තා

තරුණ වෙන්න කියලා පුතාගෙ ලේ විඳගත්ත තාත්තා

තරුණ වීම සඳහා තම 17 හැවිරිදි පුතාගේ රුධිරය එන්නත් කරගත් Bryan Johnson එයින් කිසිදු ප්‍රතිලාභයක් නොමැති නිසා "Blood boy" ලෙස හැඳින්වූ ව්‍යාපෘතිය නතර කර ඇත.



Bryan මීට මාස 2 කට පමණ පෙර ඔහුගේ 17 හැවිරිදි පුතා වන Talmage සහ තමන්ගේ 70 හැවිරිදි පියා වන Richard සම්බන්ධ කරගෙන තිබුණේ Tri-Generational blood swapping Treatment සඳහායි.



මෙහිදී 17 හැවිරිදි Talmage ගේ ප්ලාස්මා ජොන්සන් වෙත එන්නත් කර තිබෙන අතර ජොන්සන් ගේ ප්ලාස්මා 70 හැවිරිදි පියා වන රිචඩ් වෙත එන්නත් කර තිබේ.



කෙසේ වෙතත් Imaging සහ biomarker testing වලට අනුව ඔහුගේ පුතා සමග රුධිරය හුවමාරුවෙන් කිසිදු ප්‍රතිලාභයක් නොමැති බව පෙන්නුම් කර ඇත.



කෙසේ වෙතත්, ඔහුගේ පියා වන රිචඩ් ගේ 'Project Blueprint' ලෙස හඳුන්වන අත්හදා බැලීම් වල ප්‍රතිඵල තවමත් බලාපොරොත්තුවෙන් සිටින බවයි ජොන්සන් වැඩි දුරටත් සඳහන් කරයි.

views

435 Views

Comments

arrow-up