පංච මහා විල් ආක්‍රමණය කළ වැම්පයර් මාළුවා
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
14

පංච මහා විල් ආක්‍රමණය කළ වැම්පයර් මාළුවා

පංච මහා විල් ආක්‍රමණය කළ වැම්පයර් මාළුවා

ලේ උරා බොමින් වැඩෙන පරපෝශී මත්ස්‍යයෙක් සිය ගහනය අධික ලෙස ඉහළ දමමින් සිටින බව උතුරු ඇමරිකාවෙන් වාර්තා වේ.



Sea Lamprey යනුවෙන් හැඳින්වෙන මේ පරපෝෂිතයාට ආ‍ඳෙකුගේ වැනි නළාකාර සිරුරක් ඇති අතර වෘත්තාකාර ලෙස උල් දත් පිහිටි මුවක් පිහිටා තිබේ.



ඇමරිකාවේ National Oceanic and Atmospheric Administration සඳහන් කර ඇති ආකාරය‍ට ඔවුන් උතුරු සහ බටහිර අත්ලාන්තික් සාගර කලාපවල සිටි නමුත් 19 වන සියවසේ දී පමණ මහා විල් ද ආක්‍රමණය කර තිබේ. ඒ ඔන්ටාරියෝ සහ ඊරි විල් වෙත සම්බන්ධ වන වේලන්ඩ් ඇළ මාර්ගය හරහායි.



පංච මහා විල් ආශ්‍රිත ව ගොඩනැඟී ඇති ධීවර කර්මාන්තයට ද මේ නිසා දැඩි බලපෑම් එල්ල වී ඇත. 1960 ගණන්වල දී ඒවායින් නෙලා ගැනුණු අස්වැන්න රාත්තල් මිලියන 15 කින් පමණ අඩු කරන්නට මේ පරපෝෂිත ආඳන් කටයුතු කර ඇත.



Sea Lamprey ගහනය පාලනය කිරීම සඳහා වසරකට ඩොලර් මිලියන 15 ත් 20 ත් අතර පිරිවැයක් වියදම් වේ.

views

521 Views

Comments

arrow-up