අවුරුදු මිලියන 500 කට කලින් හිටපු සාගරයේ දිය රකුසා

වසර මිලියන 500 කට පෙර ජීවත් වූ සතුන් අතර විකාර රූපී පෙනුමැති සතෙකු වූ A. canadensis කැම්බ්‍රියානු යුගයේ විසූ හැඩිදැඩි ම සතුන් අතර එකෙකු ලෙස සැලකෙනවා.
බොහෝ විද්‍යාඥයන් සැක කළේ ඔවුන් ඒ යුගයේ ම විසූ ට්‍රයිලෝබයිටාවුන්ගෙන් යැපෙන්නට ඇති බවයි. කලින් කලට සොයා ගැනුණු ට්‍රයිලොබයිටාවුන්ගේ ෆොසිල අධ්‍යයනයේ දී පෙනී ගොස් තිබුණේ ඔවුන් යමෙකුගේ ප්‍රහාරයකට ලක් ව ඇති බවකි.
A. canadensis ගේ ව්‍යුහයන් වර්ථමානයේ දක්නට ඇති ආත්‍රපෝඩාවන්ගේ එවන් ශරීරාංග සමග සන්සන්දනය කර එහි දෘඩ බව, හැසිරීම සහ පිහිනුම් ඉරියවු ආදිය පරිගණක සමාකෘතියක් මඟින් ප්‍රතිනිර්මාණය කර ඇත.
එහි දී පර්යේෂකයන්ගේ නිගමනය වූයේ පුරාතන A. canadensis ගේ උල් අඬු වන් ව්‍යුහ සිය ගොදුර ග්‍රහණය කර ගැනීමෙහිලා වැදගත් කාර්යයක් ඉටු කරන බවයි. එය අද අපට දැකිය හැකි මකුළුවන්ගේ අඬුවල හැසිරීමට සමානයි. නමුත් එය ශක්තිමත්, ඝන කටුවක් සහිත ගොදුරකට පහර දීම කෙරෙහි වාසි දායක නො වන බවත් මෙහෙි දී පෙනී ගියා.
සියලු නිරීක්ෂණයන් තුළින් ලබාගත් ප්‍රතිඵල පෙන්නුම් කළේ A. canadensis වඩාත් ම ගැලපෙන්නේ දියඹේ පිහිනා යන කවච රහිත සතුන් පන්නා ගොස් ගොදුරු කරගන්නා විලෝපික පිලට බවයි.
565 Views
Comments