අහුවුණොත් ඇට විතරක් ඉතුරු කරන පිරානා

ඇමසන් වනාන්තරය ආශ්‍රිත ව ජීවත් වන සතුන් අතුරින් මිනිසුන්ට පවා හානි කරන භයානක සත්ත්වයකු ලෙසින් පිරානා මත්ස්‍යයා හැඳින්විය හැක.
සාමාන්‍යයෙන් සෙන්ටි මීටර් 30 ක් තරම් දිගකට වර්ධනය වන පිරානා මත්ස්‍යයන් බැලූ බැල්මට අහිංසක සත්ත්ව විශේෂයක් මෙන් දිස්වේ. නමුත් උන්ගේ ශක්තිමත් හකු සහ තියුණු දත්වලින් ඕනෑම ජීවියකු ඇටසැකිල්ලක් බවට පත්කිරීමට විශාල කාලයක් ගතවන්නේ නැත.
එහි දී ගොදුර වෙත පනින පිරානා මත්ස්‍යයන් පැන පැන සපා කන ආකාරය නිරීක්ෂණය කළ හැක. 400-500 ක් තරම් මත්ස්‍යයන් ප්‍රමාණයක් සිටින පිරානා රංචුවකට මිනිසකු අසුවුණොත් ඉතාමත් කෙටි කාලයක් තුළ එම මිනිසා සම්පූර්ණයෙන් ම කා දැමීමේ හැකියාව උන්ට තිබේ.
එහි දී දක්නට ලැබෙන සුවිශේෂී කාරණය වන්නේ එක් වරක දී මස් ග්‍රෑම් 100 ක පමණ කුට්ටියක් කඩා ගැනීමට එම මත්ස්‍යයින්ට ඇති හැකියාව යි. පිරානා එල්ල කරන ප්‍රහාරවල දී එක් මත්ස්‍යයකු ගොදුරේ මස් කඩා ගන්නා ස්ථානයෙන් ම අනිත් මත්ස්‍යයා ද මස් කඩා ගැනීම විශේෂ ලක්ෂණයකි.'
තියුණු ඇස් තිබීම, හොඳින් ගන්ධය දැනීම සහ ජලයේ ස්න්දපනය දැනුණු විගස ගොදුර කරා ළඟා වීමට ඇති හැකියාව නිසා පිරානා මත්ස්‍යයන් හොඳ දඩයක්කරුවන් බවට පත් ව සිටී.
393 Views
Comments