සමාන්තර ලෝක හරහා ගමන් කරන යාත්‍රාව

මායාබන්ධන මකර රජදහන කරලියට එන්නේ 1997 වසරේ. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Noel Price. කතාවේ චරිත ගත්තොත් කැතීගේ චරිතයට පණ පොවන්නේ Lauren Hewett. ජෝෂ්ගේ චරිතයට පණ පොවන්නේ Ryan Kwanten. ඒ වගේම මෙක් ගේ චරිතයට පණ පොවන්නේ Anthony Brandon Wong. සන් හෙවත් මකර අධිරාජයාගේ චරිතයට පණ පොවන්නේ Leonard Fung.
මකර රාජධානිය කියන්නේ සමාන්තර ලෝකයක්. මේ රාජධානියේ රජතුමා තමයි මකර අධිරාජයා කියලා හඳුන්වන්නේ. මේ කතාව පටන් ගන්නෙම සමාන්තර ලෝකෙකින්. මකර රජදහනේ ඉන්නවා ටිකක් දඟ ශිෂ්‍ය විද්‍යාඥයෙක්. මෙයාගේ නම තමයි මෙක්.
මකර අධිරාජයා අණ මෙයාට අණ කරනවා සංගීත ආභරණ කට්ටලයක් නිර්මාණය කරලා දෙන්න කියලා. මෙයා මේ ගැන පර්යේෂණ කර කර ඉන්න අතරේ මෙයාට පොඩි මාර්ගයක් පෑදෙනවා. එයා සංගීත භාණ්ඩ හදන එක පැත්තකින් තියලා බෝට්ටුවක් නිර්මාණය කරනවා. එක නම් සාමාන්‍ය බෝට්ටුවක් නෙමෙයි. මේක වතුරෙ පදින්නත් බෑ.
එහෙනම් මොකක්ද මේ අමුතු බෝට්ටුව?
මේක තමයි විවිධ මාන අතරේ ගමන් කරන්න පුලුවන් බෝට්ටුවක්. ඇත්තටම ක්වොන්ටම් භෞතික විද්‍යාව උපකල්පනය කරනවා විවිධ මානවලට අයත් විවිධ ලෝක අපේ ලෝකයට සමාන්තරව තියෙන්න පුලුවන් කියලා. ඉතින් ශිෂ්‍ය මෙක් නිර්මාණය කරපු මේ බෝට්ටුවෙන් පුලුවන් මේ මාන අතරේ තියෙන ලෝක අතර ගමන් කරන්න. ශිෂ්‍ය මෙක් තමන්ගෙ ගුරුතුමාත් එක්කත් හිත් අමනාපයක් ඇති කරගෙන එයාගෙ බෝට්ටුවෙන් පළමු චාරිකාව යනවා.
ඉතින් මෙක් එන්නේ අපේ ලෝකයට.
මෝගන් පවුල කියන්නේ සාමාන්‍ය තත්ත්වයේ පවුලක්. තාත්තා පා පන්දු ක්‍රීඩකයෙක් වෙලා ඉඳලා තියෙනවා. ආබාධයක් නිසා ජාතික කණ්ඩායමෙන් ඉවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් ක්‍රීඩා භාණ්ඩ අලෙවි සැලක් තමයි පවත්වාගෙන යන්නේ. කාල් තමන්ව හඳුන්වා ගන්නේ ක්‍රේසි කාල් කියලා. එහෙමත් නැත්තන් පිස්සු කාල්. කාල් මෝගන්ගේ බිරිඳ තමයි විකී මෝගන්. පුතා ජෝෂ් මෝගන්. දුව කැතී මෝගන්. මේ මෝගන් පවුල නිවාඩුවක් ගත කරන්න කඳවුරක් ගහනවා පොඩ්ඩක් කැලෑබද පැත්තක. කැතීට නම් මේ කඳවුරු කෙරුවාව ටිකක් බෝරිං. මොකද එයාට සෙට් වෙන කවුරුත් නැති නිසා.
ශිෂ්‍ය මෙක් තමන්ගේ බෝට්ටුවේ මංගල ගමන ඇවිල්ලා තියෙන්නෙත් මේ කෑම්පිං සයිට් එක කිට්ටුවටමයි. මෙක් මේ ලෝකෙ තියෙන අමුතු දේවල් බල බලා ඉන්නවා. පොඩි විහිළුවක් නිසා හිත රිදවාගත්ත කැතී තනියම කැලේ ඇතුලට යනවා. ඉතින් ජෝෂ් හෙමින් තමන්ගෙ නංගි යන දිහා බලන්න හෙමින් පස්සෙන් යනවා. මේ අතර කැතී දකිනවා මෙක් ආව අන්තර්මාන බෝට්ටුව. ඉතින් කැතී හෙමීට බෝට්ටුවට නැගලා කෑලි බෑලි ටිකක් එහෙ මෙහෙ කරනවා.
කාලයක් ජාතික රූපවාහිනියේ විකාශය වූ මේ කතාමාලාව ලාංකිකයින් අතර ඉතාමත් ජනප්‍රියත්වයට පත් වුණා.
407 Views
Comments