පුනරුප්පත්තියෙන් පසු යළි හමුවූ ප්‍රේමය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
04

පුනරුප්පත්තියෙන් පසු යළි හමුවූ ප්‍රේමය

පුනරුප්පත්තියෙන් පසු යළි හමුවූ ප්‍රේමය


See You In My 19th Life කියන්නේ 2023 ජුනි මාසයේදී tvN හරහා විකාශනය වුනු දකුණු කොරියානු රූපවාහිනී කතාමාලාවක්. මේක Lee Hey නම් ලේඛකයාගේ එම නමින්ම ඇති webtoon එකක් මත පදනම් වෙලා තමා නිර්මාණය වෙලා තියෙන්නේ.



Ban Ji Eum කියන්නෙ අපේ ප්‍රධාන කාන්තා චරිතය. මෙයා Ban Ji Eum විදිහට ඉපදෙන්නෙ එයාගෙ 19 වෙනි ජිවිතේ ගත කරන්න. Ji Eum නැවත ඉපදෙන හැම වෙලාවකම එයාට වයස අවුරුදු 9 ත් 12 ත් අතර කාලයදි එයාට එයාගෙ පෙර ආත්ම සියල්ලම මතක් වෙනවා.



ඉතින් එතැන් පටන් ඇය ජිවිතය ගත කරන්නෙ අර පෙර ආත්ම වල මතකයන් එක්ක. Ji Eum එයා ජිවිතයක් අවසන වෙන හැම වෙලාවකම ප්‍රාර්ථනා කරන්නෙ ඇය ආයෙ ඉපදෙන්න එපා එහෙම නැත්තම් පෙර ආත්ම මතක් වෙන්න එපා කියලා.



Ji Eum ගෙ 18 වෙනි ජීවිතය ඇය ගත කරන්නෙ Yoon Ju Won ලෙසින්. මේ ජීවිතයේදි ඇයට හම්බවෙනවා Moon Seo Ha කියලා පිරිමි ළමයෙක්. ඔවුන් දෙදෙනා සමීපව ඇසුරු කරන්න පටන්ගන්නවා.



ඇගේ 19 වෙනි ජීවිතේදි ඇයට නැවතත් Seo Ha ව හම්බවෙනවා. දැන් Seo Ha තරුණයෙක්. ඉතින් සො හා ගැන බොහෝ දේවල් දන්න Ji Eum ඔහුට ලංවෙන්න උත්සහ කරනවා.



මේ අතර අපේ ප්‍රධාන පිරිමි චරිතය වන Seo Ha කුඩා කාලයේදිම ඔහු ආදරය කරන අය අහිමි වෙනවා. ඔහුට වැඩියෙන්ම බලපාන අහිමිවීම් වෙන්නෙ ඔහුගෙ මවගෙ අහිමි වීම සහ ඔහුගෙ ප්‍රථම ආදරය වන Yoon Ju Won ගෙ අහිමි වීම. ඉතින් මේ අහිමිවීම් නිසා ඔහු මිනිසුන් සමග අළුත් සබදතා ඇති කරගැනීම ප්‍රතික්ශේප කරනවා. මේ අතරදි ඔහුට Ban Ji Eum කියන අමුතු තරුණිය හම්බවෙනවා.



ඉතින් Moon Seo Ha මේ Ban Ji Eum ව අඳුරගනීද?

views

485 Views

Comments

arrow-up