වැසිකිළි සෝදන තරුණ වෛද්‍යවරිය

The Cleaning Lady කියන්නේ ඇමරිකානු රූපවාහිනී කතා මාලාවක්. මේ කතා මාලාව 2022 ජනවාරි 3 වෙනිදා ෆොක්ස් හි විකාශය ආරම්භ කළා. ඒ වගේම ජනවාරි 3 සිට මාර්තු 14 වෙනකන් කොටස් දහයකින් යුතු මේ කතා මාලාවේ පලවෙනි season එක අවසන් වුණා.
ලාස් වේගාස් හි සේවය කරන සහ ජීවත් වන කාම්බෝජ-පිලිපීන වෛද්‍යවරියක වූ "තෝනි ද ලා රෝසා" කේන්ද්‍ර කරගත් කතාමාලාවක් තමයි The Cleaning Lady කියන්නේ. කල් ඉකුත් වූ වීසා බලපත්‍රයක් මත ඇය එක්සත් ජනපදයේ සිටීමට හේතුව ඇගේ පස් හැවිරිදි පුත් ලූකා.
ඒ වගේම ලූකාට දුර්ලභ හා ජීවිතයට තර්ජනයක් වන වෛද්‍ය ආබාධයක් ඇති වී තියෙනවා. ඒ සඳහා ඔහුට අති නවීන අස්ථි ප්‍රතිකාරයක් අවශ්‍යයි. ඒ වගේම ඒක ලාස් වේගාස් හි පමණක් ලබා ගත හැකි දෙයක්.
ඇය තම පුතාට ප්‍රතිකාර කරන තුරු තෝනි ජීවත් වන්නේ වෛද්‍යවරයකු ලෙස නෙවෙයි පිරිසිදු කිරීමේ සේවා සේවකයෙකු ලෙසයි.
ඇගේ නෑනා වන ෆියෝනා එක්ක තෝනි පිරිසිදු කරන අතරතුර අහම්බෙන් බරපතල මිනීමැරුමක් දකිනවා. ඒ වගේම තෝනිව අපරාධ කරුවන්ට හසුවෙනවා. මෙතනින් පස්සේ තමයි තෝනිගේ ජිවිතේ වෙනස් වෙන්නේ.
ඉතින් වැසිකිළි හෝදන දොස්තරට මොනවා වෙයිද?
471 Views
Comments