අලුත්ම ශාක විශේෂයක් ගාල්ලෙන් හමුවේ.

ශ්‍රී ලංකාවට ආවේණික කෙතල (කෙටල) විශේෂයක් ගාල්ල, හියාරේ වන රක්ෂිතයෙන් සොයාගැනීමට හැකි වූ බව පර්යේෂකයෝ පිරිසක් පවසා සිටී.
මෙම පර්යේෂණය සිදුකළ ඉන්ද්‍රඛීල මාදොල, මහාචාර්ය දීප්ති යකන්දාවල සහ මහාචාර්ය කපිල යකන්දාවල ඒ පිළිබඳ ජාත්‍යන්තර Phytotaxa නමැති උද්භිද විද්‍යා සඟරාවේ ප්‍රකාශයට පත්කර ඇත.
මේ සොයාගැනීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් හමුවන කෙතල විශේෂ සංඛ්‍යාව 14 ක් දක්වා ඉහළ යන අතර ඉන් විශේෂ 13 ක් ම ශ්‍රී ලංකාවට ආවේණික ය.
මෙම නව කෙතල විශේෂය Lagenandra limbusleviterapertae ලෙස නම්කරන ලදි. සිංහල භාෂාවෙන් “හියාරේ කෙතල” යනුවෙන් මෙය නම් කිරීමට ද පර්යේෂකයෝ කටයුතු කළහ.
362 Views
Comments