පළඳනාවක් නිසා පැමිණි භූතාත්මය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
11

පළඳනාවක් නිසා පැමිණි භූතාත්මය

පළඳනාවක් නිසා පැමිණි භූතාත්මය

SBS නාලිකාව ඔස්සෙ 2023 ජුනි මාසයේදී තමයි මේ කතා මාලාව විකාශනය ආරම්භ කරන්නෙ. SBS නාලිකාවෙ වගේම මේක Disney + හරහාත් ලබාගන්න පුලුවන්.


කතා මාලාවෙ English Title එක විදියට දීලා තියෙන්නෙ ‘Revenant’. ඒ වගේම කොරියානු බසින් ‘ 악귀 – අක්වි ‘ කියන නම තමයි දීල තියෙන්නෙ. ඒ කියන්නෙ යක්ෂයා, නපුරු ආත්මය කියන තේරුම.


කතාව ලියන්නෙ Kingdom , Singnal වගේ සුපිරිම කොරියන් කතා ලිව්ව Kim Eun Hee විසින්. ඒ වගේම මේ කතාව කතාංග 12 කින් සමන්විත වෙනවා. Kim Tae-RI, Oh Jung Se හා Hong Kyun කියන පිරිස් මෙහි රංගනයෙන් එක් වෙනවා.


ගු ගන්මෝ කියන්නේ ජනප්‍රවාද පිළිබඳ මහාචාර්ය කෙනෙක්. ඔහු හදිසියේම රස්සාවෙන් අයින් වෙලා අවුරුදු 15 ක්ම එක අත්භූත ව්‍යාපෘතියකට අවධානය යොමු කරනවා. අන්න ඒ ව්‍යාපෘතිය නිසාම මෙයාට මැරෙන්න සිද්ධ වෙනවා.


ඒත් මෙයා මැරෙන්න කලින් ඒ වැඩේ භයානකකම නිසාම තවත් ජනප්‍රවාද පිළිබඳ මහාචාර්ය කෙනෙක් වුන යොම් හසන්ට ලියුමක් යවනවා හදිසියේවත් මං මැරුණොත් මගේ දුව සං‍යොන්ට උදව් කරන්න කියලා.


සං‍යොන් අවුරුදු පහේදි අම්මා එයාව තාත්තගෙන් වෙන් කරනවා ලොකු ප්‍රශ්නයක් නිසා. එදා ඉදන් එයාල තනියම ටිකක් දුෂ්කර සාමාන්‍ය ජීවිතයක් තමයි ගත කරන්නේ. ඒත් මෙයාලගෙ සාමාන්‍ය ජීවිතේ හිටිහැටියෙ වෙනස් වෙනවා සං‍යොන්ගෙ තාත්තා මැරුණ කියන ආරංචිය ආවහම.


එතකොට එයාගෙ අම්මට සිද්ධ වෙනවා තාත්තව අන්තිම පාරට දකින්න ඔහුගෙ ගෙදරට සං‍යොන්ව එක්කන් යන්න. එහෙට ගියාට පස්සේ එයාගෙ ආච්චි එයාට අමුතු හිසකෙස් පලඳනාවක් දෙනවා. එතනින් පස්සේ ඔක්කොම වෙනස් වෙනවා.


මොකද එවෙලෙ ඉදන් නපුරු ආත්මයක් සං‍යොන්ට සම්බන්ධ වෙනවා. මේ කාරණාවෙදි යොම් හසන් මහාචාර්යතුමා එයාට උදව් කරනවා. මොකද ඔහුට හොල්මන් පේන හැකියාවක් තියෙනවා.


මොකක්ද මේ ආත්මෙ? සං‍යොන්ගෙ තාත්තා අවුරුදු ගානක් තිස්සෙ කරපු අත්භූත ව්‍යාපෘතිය මොකක්ද? සං‍යොන්ට සම්බන්ධ වුණු ආත්මයත් ඒකට සම්බන්ධයිද?

views

471 Views

Comments

arrow-up