මරණයත් එක්ක ඉපදුණු ඇගේ කතාව

ඇය අයිශා. අයිශා කියන නමේ තේරුම ජීවිතය. ඒත් ඇය උපදින්නෙම මරණය තුරුලු කරගෙන. අපි හැමෝම එහෙම තමයි. ඒත් ජානමය රෝගයක් නිසා අයිශා අවුරුදු 6 දි ඇට මිදුලු බද්ධ කිරීමේ පළවෙනි සැත්කමට මුහුණ දෙනවා.
ඒ එම සැත්කම නොකලහොත් ඇය තවත් වසරකට වඩා ජීවත් නොවන්නේ යැයි වෛද්‍යවරුන් පවසන නිසාවෙන්. එහෙත් එම සැත්කම නිසා ඇය ජීවිත කාලයටම පෙනහලු ආබාධයකට ගොදුරු වෙනවා. හුස්ම ගැනීමේ දැඩි අපහසුතාවයකට පත් වෙනවා.
ඇය ඉතා ඉක්මනින් වෙහෙසට පත් වූවා. ඒ නිසාම ඇයට කුඩා ඔක්සිජන් ටැංකියක පිහිට පැතීමට සිදු වූවා. පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි මේ ඔක්සිජන් ටැංකිය ඇගේම කොටසක් බවට පත් වුනා.
එහෙත් ඇය නොබියව ධෛර්‍ය සම්පන්න ලෙස ජීවිතයට මුහුන දුන්නා. ධනාත්මක චින්තනය ගැන කථිකයෙක් වූවා. ඇය ‘My Little Epiphanies’ නමින් පොතක්ද පල කලා. ඇය මිය යාමට පෙර දිනයේ එම පොත එලි දැක්වුවා.
පැය දෙකහමාරක් දිවෙන මේ කතාව පුරාවටම තියෙන්නෙ අයිශා විසින් පවසන ඇයගේ දෙමව්පියන්ගේ ආදර කතාව ගැනයි. හින්දු සහ දමිල සංස්කෘතීන් දෙකකට අයත් වූ ආදිති සහ නිරේන්ගේ විවාහයෙන් පසු ඔවුන්ට මුලින්ම දියනියක් ලැබෙනවා.
එහෙත් එම දියනියත් ඒ රෝගයටම ගොදුරු වී මිය යනවා. ඉන් පසු ඔවුන්ට පුතෙක් ලැබෙනවා. ඊටත් වසර හතරකට පසු නොසිතූ ලෙස ආදිති ගැබ් ගන්නවා. එයින් දියනියක් ඉපදෙනවා. ඒ තමයි අයිශා. මේක සත්‍ය කතාවක්.
339 Views
Comments