ඩොලර් මිලියන 80 ක් වටිනා විට්ල්ස්බක් නිල් දියමන්තිය

1600 ගණන්වල ඉන්දියානු පතලකින් සොයා ගත් කැරට් 35.56 ක් වන ගැඹුරු අළු පැහැති නිල් විට්ල්ස්බක් දියමන්තිය ස්පාඤ්ඤයේ සිව් වන පිලිප් රජුගේ අයිතියට අයත්ව තිබූවක් වේ.
ඔහුගේ දියණිය මාගරීටා තෙරේසා ඕස්ටි‍්‍රයාවේ පළමු වන ලීපෝල්ඞ් අධිරාජ්‍යයා සමඟ විවාහ ගිවිස ගනිද්දී දෑවැද්දක් වශයෙන් මෙය පිරිනමන ලද්දකි.
සියවස් ගණනාවක් පුරා ඕස්ටි‍්‍රයානු බාබේරියානු රාජකීය ආභරණවලට මෙය අයත්ව තිබී ඇත. ආභරණකරුවෙකු වන ලෝරන්ස් ග්රාෆ් විසින් 2008 වර්ෂයේදී ඩොලර් මිලියන 22 කට මිලදීගෙන ඇති මෙම දියමන්තිය නැවත කපා ඔප දැමීමෙන් පසුව කැරට් 31.06 ක බරකින් යුත් ගැඹුරු නිල්පැහැ දියමන්තියක් බවට පත්ව ඇත.
අළුත්වැඩියාවන්ගේ පසු පැහැදිලි හා දීප්තිමත් පෙනුමකින් යුතු වූ මෙම දියමන්තියේ වටිනාකම තවදුරටත් ඉහළ ගොස් තිබේ. 2011 දී මෙම අනර්ඝ දියමන්තිය එහි හිමිකරු විසින් කටාර් රාජකීයයන් වෙත ඩොලර් මිලියන 80 කට විකුණා ඇත.
400 Views
Comments