ශාක ලෝකයේ දේදුනු ගස

‘Eucalyptus deglupta’ යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මෙම ශාකය සාමාන්‍ය ව්‍යවහාරයේ දී ප්‍රචලිත ව ඇත්තේ ‘රේන්බෝ යුකැලිප්ටස්’ යනුවෙනි.
එය පිලිපීන දූපත්, ඉන්දුනීසියාව සහ පැපුවා නිව්ගිනියාව යන රටවලට ආවේණික ශාකයක් ලෙස පරිසර විද්‍යාඥයන් හඳුනාගෙන ඇත. වැසි වනාන්තර ආශ්‍රිත ව වැඩෙන එකම යුකැලිප්ටස් ශාකය ලෙස එය හඳුනා ගෙන තිබේ.
යුකැලිප්ටස් ශාක ලෝකයේ වැඩියෙන් ම වැඩෙන රට වන ඕස්ට්‍රේලියාවේ දැකිය නොහැකි යුකැලිප්ටස් ශාක විශේෂ හතරෙන් එකක් ලෙස ද රේන්බෝ යුකැලිප්ටස් හඳුනාගෙන තිබේ. විවිධ වර්ණයෙන් යුතු පොත්ත නිසා මෙම ශාකය අනිකුත් යුකැලිප්ටස් ශාක අතර විශේෂ තැනක් ගනී.
‘රේන්බෝ යුකැලිප්ටස්’ සාමාන්‍යයෙන් මීටර් 60-75 දක්වා උසට වැඩෙන ශාකයකි. හොඳින් වැඩුණු මෙම ශාකයක කඳ සෙන්ටිමීටර් 250 කට ආසන්න විශ්කම්භයකින් යුක්ත වේ. එහි කඳේ පොත්ත ප්‍රධාන වශයෙන් ළා තැඹිලි පැහැයෙන් යුක්ත වන අතර ඊට අමතර ව එහි කොළ, රතු, දම්, අළු සහ දුඹුරු වර්ණයන්ගෙන් යුතු පොතු ද දැකිය හැකි ය.
අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු කැලිෆෝනියා, ටෙක්සාස් සහ ෆ්ලොරිඩා ප්‍රාන්තවල මෙම ශාකය බහුල ව දැකිය හැක. ලොස් ඇන්ජලිස් ප්‍රදේශයේ ද සුළු වශයෙන් රේන්බෝ යුකැලිප්ටස් වගා දැකිය හැකි ය.
535 Views
Comments