පැනගිය තරුණියන් 29 ක් සියදිවි හානිකරගෙන. පෙම්වතා අතුරුදහන්?
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

පැනගිය තරුණියන් 29 ක් සියදිවි හානිකරගෙන. පෙම්වතා අතුරුදහන්?

පැනගිය තරුණියන් 29 ක් සියදිවි හානිකරගෙන. පෙම්වතා අතුරුදහන්?

The Family Man, Farzi, Breathe, Pataal Lok, Mirzapur වගේ ඉන්දියන් කතාමාලා රැසක් දායාද කරපු ඇමසෝන් ප්‍රයිම් වෙතින් එළි දක්වපු තවත් කතාමාලාවක් තමා Dahaad කියන්නේ.



රංගනයෙන් Sonakshi Sinha, Vijay Verma, Gulshan Devaiah, Sohum Shah ඇතුළු පිරිසක් මීට එකතු වෙනවා. අධ්‍යක්ෂණය සිදුකරේ Reema Kagti සහ Ruchika Oberoi කියන අය.



රාජ්ස්ථාන් ප්‍රාන්තයේ එක්තරා ප්‍රදේශයක තරුණියක් අතුරුදන් වෙලාය කියලා මන්ඩාවා පොලිසියට තරුණියගේ අයියා ඇවිල්ලා පැමිණිලි කරනවා. ආදර සම්බන්ධයක් නිසා පැනලා ගියාය කියලා හිතලා පොලිසිය මේ ගැන වැඩිදුර හොයන්නේ නැහැ.


ඊටත් ටික දවසකින් උප පරික්ෂක අංජලී භාටි අර තරුණියගේ මිනිය හොයාගන්නවා මෝචරියක තිබිලා. ඇය දිවිනහගෙන පොදු වැසිකිලියක් ඇතුලේ මැරිලා වැටිලා ඉඳලා. දොරත් ඇතුලින් අගුලු දාගෙන තිබිලා තියෙන්නේ. මිනියේ වතගොත හොයන්න විදිහක් නැති නිසා මෝචරියට යවලා තිබ්බා.



ඉතින් ඔක්කොමත් හරි, මේ තරුණිය එක්ක පැනලා ගියා කියන හාදයා ගැන කිසිම තොරතුරක් තිබ්බේ නැහැ. මරණයට කලින් කෙල්ල ලිංගිකවත් එකතු වෙලා තිබ්බා.



ඒ නිසා මේ සිද්ධිය දිවි නහගැනීමකට විතරක් ලඝු නොකර හොයා බලන්න අංජලී හිතාගන්නවා. මියගිය තරුණියගෙ දුරකතන ඇමතුම් වාර්තා ඔස්සේ ගිහින් අංජලී එක නොම්බරයක් හොයාගෙන ඒ ඔස්සේ යනවා.



අන්තිමට ඇය නතරවෙන්නේ ඇඟ කිලිපොලා යන හෙලිදරව්වකින්.



මේ විදිහටම ප්‍රාන්තය පුරාම එක සමාන සිද්ධි වාර්තා වෙලා තිබ්බා. තමන්ගෙ ආදරවන්තයා එක්ක පැනලා යන තරුණිය ඊටත් දවස් කීපයකට පස්සෙ සියදිවි හානි කරගෙන කියලා වාර්තා වෙනවා. පුරුදු විදිහටම අර පෙම්වතා අතුරුදහන්.



මෙහෙම මිය ගියපු තරුණියෝ ගණන 29 ක් වෙලා තිබ්බා. දවසින් දවස මේ ගාන වැඩිවුනා මිසක් අඩුවුනේ නැහැ.



මෙහෙමයි කියලා කිසිම හෝඩුවාවක් ඉතුරු නොවෙන්න තරම් මේ අනංගයා තරුණියන් දඩයම් කරන්න අරගෙන තිබ්බා. ඔය අතර තමා ඒ අනංගයාගේ පොඩිම පොඩි අතපසුවීමකින් අංජලී ඇතුළු පිරිසට පොටක් පෑදෙන්නේ.

views

475 Views

Comments

arrow-up