ලිබර්ටි ප්‍රතිමාවටත් වඩා උස ගසක් හමුවේ.
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
29

ලිබර්ටි ප්‍රතිමාවටත් වඩා උස ගසක් හමුවේ.

ලිබර්ටි ප්‍රතිමාවටත් වඩා උස ගසක් හමුවේ.

ආසියා මහාද්වීපයට අයත් උස ම ශාකය ලෙස, සයිප්‍රස් ශාකයක් ටිබෙටයේ පිහිටි වනාන්තරයකින් සොයාගෙන ඇත.



මෙය පිහිටා තිබෙන්නේ නයින්චි නගරයට අයත් Bome County හි තිබෙන Yarlung Zangbo Grand Canyon ස්වභාව රක්ෂිතය තුළයි.



මීටර් 102.3 ක් එනම් අඩි 335 ක් උසැති මේ සයිප්‍රස් ශාකය පසුගිය මැයි මාසයේ දී සොයාගෙන තිබෙන්නේ චීනයේ පීකිං සරසවියට අයත් පර්යේෂණ කණඩායමක් විසිනි.



මේ සයිප්‍රස් ශාකය හිමාලයානු සයිප්‍රස් නමින් හඳුන්වන 𝑪𝒖𝒑𝒓𝒆𝒔𝒔𝒆𝒔 𝒕𝒐𝒓𝒖𝒍𝒐𝒔𝒂 විශේෂයට හෝ ටිබෙටියානු සයිප්‍රස් නමින් හඳුන්වනු ලබන 𝑪𝒖𝒑𝒓𝒆𝒔𝒔𝒆𝒔 𝒈𝒊𝒈𝒂𝒏𝒕𝒆𝒂 විශේෂයට අයත් වේ.



ලොව උස ම ශාකය ලෙස වාර්තාව තබා ඇත්තේ එක්සත් ජනපදයේ කැලිෆෝර්නියා වල රෙඩ්වුඩ් ජාතික උද්‍යානයේ තිබෙන 𝑺𝒆𝒒𝒖𝒐𝒊𝒂 𝒔𝒆𝒎𝒑𝒆𝒓𝒗𝒊𝒓𝒆𝒏𝒔 විශේෂයට අයත් මීටර් 116 ක් එනම් අඩි 381 ක් උසැති රෙඩ්වුඩ් ශාකයයි.

views

396 Views

Comments

arrow-up