සර්ප ලෝකයේ දැවැන්තයා - හරිත ඇනකොන්ඩා
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
29

සර්ප ලෝකයේ දැවැන්තයා - හරිත ඇනකොන්ඩා

සර්ප ලෝකයේ දැවැන්තයා - හරිත ඇනකොන්ඩා

හරිත ඇනකොන්ඩා නම් සර්පයා ඇමසන් වනාන්තරයේ වගුරු බිම් සහ ගංගා ආශ්‍රිත ව ජීවත් වේ. හොඳින් වැඩුණු හරිත ඇනකොන්ඩාවකුගේ බර කිලෝ ග්‍රෑම් 250 ක් පමණ වේ. දිග මීටර් 9 ක් පමණ වේ.



ලෝකයේ සිටින විශාලත ම නිර්විෂ සර්පයා ලෙසින් සැලකෙන හරිත ඇනකොන්ඩාන්ට සම්පූර්ණයෙන් ම ජලයේ ගිලී සිටිය හැක. මෙම සර්පයාගේ නාස් පුඩු හිස් මුදුනේ පිහිටා තිබෙන නිසා ජලය යට දී හුස්ම ගැනීමේ හැකියාව පවතී. හරිත ඇනකොන්ඩාවන් ඒ අයුරින් ජලයේ ගිලී සිටින්නේ පහසුවෙන් ම සිය ගොදුර අල්ලා ගැනීම සඳහා යි.



හරිත ඇනකොන්ඩාගේ එම උපක්‍රමයට හසුවන බොහෝ සතුන් ජලය පානය කිරීම සඳහා ඒ අසලට පැමිණේ. එවිට එක් වර ම ක්‍රියාත්මක වන ඇනකොන්ඩා ගොදුර ග්‍රහණයට හසුකර ගනී. ගොදුරු වුණු සත්ත්වයාව ඉන්පසුව හුස්ම ගැනීමට නොහැකි වන තුරුම මිරිකයි. ඉන් අනතුරු ව මිය ගිය සත්ත්වයාව සම්පූර්ණයෙන් ම ගිල දමයි.



මුවන්, කිඹුලන්, කැස්බෑවන්, කයිමන් වැනි සතුන් ප්‍රධාන වශයෙන් ඇනකොන්ඩාට ගොදුරු වේ. ඇනකොන්ඩාට මිනිසුන් ගොදුරු වුණු බවට තවමත් නිල වශයෙන් වාර්තා වී නැත. නමුත් නොනිල වාර්තා පවතී.

views

559 Views

Comments

arrow-up