ධීවර දැලේ පැටලුණු මෝර පිසාචයා
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
29

ධීවර දැලේ පැටලුණු මෝර පිසාචයා

ධීවර දැලේ පැටලුණු මෝර පිසාචයා

තායිවානයේ ඊසානදිග වෙරළ තීරය‍ට ඔබ්බෙන් මුහුදු කලාපයේ මසුන් මැරීමේ යෙදී සිටි ධීවර යාත්‍රාවකට කිලෝග්‍රෑම් 800 (රාත්තල් 1,760) ක බරින් යුතු ගොබ්ලින් මොරකු හසු වී ඇත.



ඒ එම සාගර කලාපයේ දී හසු වූ විශාලතම ගොබ්ලින් මෝරා වීම විශේෂත්වයකි. තායිවාන සාගර කලා කෞතුකාගාරය පවසන පරිදි ධීවරයන් මුලින් තීරණය කර ඇත්තේ මොරා ආපන ශාලාවක් වෙත අළෙවි කර දැමීමටයි. නමුත් අවසානයේ දී මෝරා සිය භාරයට ගැනීමට කෞතුකාගාරය සමත් ව තිබේ.



මේ ගොබ්ලින් මෝරා ගැහැනු සතෙකු වන අතර මිය යන විට පැටවුන් හය දෙනෙකු කුස දරාගෙන සිට ඇති බව පෙනී යයි. Mitsukurina owstoni ලෙස විද්‍යාත්මක නාමකරණය වී ඇති ගොබ්ලින් මෝරුන් ලොව වෙසෙන මෝරුන් අතරින් අද්භූත පෙනුමැති විශේෂයක් ලෙස සැලකේ.



‘පිසාචයා’ යන්න අරුත් ගැන්වෙන goblin යන නමින් උන් හැඳින්වෙන්නේ ඒ් හේතුවෙනි. සාමාන්‍යයෙන් අඩි 3,940 ක් තරම් වූ ගැඹුරින් සාගර පත්ලට ආසන්නයේ ජීවත් වීමට ප්‍රිය කරන ඔවුන් සිය ආහාර ලෙස අනෙකුත් මසුන්, දැල්ලන් මෙන් ම ක්‍රස්ටේෂියාවුන් ද ලබා ගැනීමට කැමැත්තක් දක්වයි.

views

451 Views

Comments

arrow-up