ඉතිහාසයේ බලවත්ම ආණ්ඩුව මෙයයි - ගෝඨා යටතේ වසර 15 ක් සිටින්න හිත හදාගන්නවා
ඉතිහාසයේ බිහිවූ බලවත්ම ආණ්ඩුව මෙය බවත්,ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ තවත් වසර 15 ක් පමණ ජීවත් වීමට තමන් හිත හදාගන්නා බවත් නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසනවා.
මේ ඔහු ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක්
ගෝඨාගේ ආණ්ඩුව
===========
ගෝඨාගේ ආණ්ඩුව ලංකා ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ ආණ්ඩුවකි. එය යම් කිසි ආකාරයකින් සංසන්දනය කළ හැක්කේ 1970 ආණ්ඩුවටයි. ඒ ඒ පසුපස නිෂ්චිත ආර්ථික චින්තනයක් තිබේය යන අදහසිනි. නමුත් ගෝඨාගේ ආණ්ඩුව 1970 ආණ්ඩුවට වඩා ශක්තිමත්ය. 70 ආණ්ඩුව 75 බිඳ වැටුණි (මතක තබාගන්න 77 නොවේ.) ඒ සම සමාජ පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමඟයි.
70 ආණ්ඩුවට වෙනස් ලෙස මේ ආණ්ඩුව පසුපස අතිශයින් බලසම්පන්න සමාජ බලවේගයක් සිටී. එය අපට ටෙක්නොක්‍රැටික් පංතියක් ලෙස හැඳින්විය හැක. වියත් මග තුළ මේ පංතියේ ආර්ථික දැක්ම හඳුනාගත හැක.
ගෝඨා යටතේ තව අවුරුදු 15 ජීවත් වීමට සිත හදාගෙන සිටිමියි මම 2009 දී ප්‍රකාශ කළෙමි. 2015 දී පරාජයට පත්වූයේ ගෝඨාගේ ව්‍යාපෘතිය නොවේ මහින්දගේ ව්‍යාපෘතියයි. ගෝඨාගේ ආණ්ඩුව මහින්දගේ ආණ්ඩුව නොවේ. මහින්දගේ ආණ්ඩුව පෙරළා දැමූ ආකාරයෙන් ගෝඨාගේ ආණ්ඩුව පෙරළා දැමිය නොහැක.
දැනට ගෝඨාගේ ආණ්ඩුවට විකල්පයක් පේන තෙක් මානයේ නැත. ඒ නිසා මේ ආණ්ඩවට විරුද්ධව කටක් ඇරීමට හෝ හැකියාව ලැබෙන්නේ අඩුව තරමින් ඉදිරි වසර දෙක තුන තුළ මේ ආණ්ඩුවේ වැඩ පිළිවෙළේ සාර්ථකත්වය තීරණාත්මක ලෙස පරීක්ෂාවට ලක් වීමේන් පසුවයි. එවිට පමණි. එතෙක් කරන විවේචන චරිත කාරියවසම් මා සම්බන්ධයෙක් කරන ප්‍රකාශයක් භාවිත කර කියනවානම් කැටපෝල සෙල්ලම් පමණි.
440 Views
Comments