පක්ෂ පාළුවන්ගෙන් අප පක්ෂය බේරාගැනිමේ හෝරාව එලැඹ ඇත - චන්ද්‍රිකා
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
06

පක්ෂ පාළුවන්ගෙන් අප පක්ෂය බේරාගැනිමේ හෝරාව එලැඹ ඇත - චන්ද්‍රිකා

පක්ෂ පාළුවන්ගෙන් අප පක්ෂය බේරාගැනිමේ හෝරාව එලැඹ ඇත - චන්ද්‍රිකා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වන සංවත්සර උත්සවයට සහභාගී වන ලෙස තමන්ට ආරාධනා කළ බවට එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය වෙත කර ඇති ප්‍රකාශය අමූලික බොරුවක් බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පවසයි. 

 

ඒ මහත්මිය සිය ෆේස්බුක් පිටුවෙහි පළ කළ සටහන පහතින් දැක්වේ. 

 

නිදහස් පක්ෂ ලේකම්ගේ ගල් පැලෙන කෙබර සහ සභාපතිගේ උපදෙසින් දැමූ කාර්යය මණ්ඩල තහංචි..

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වන සංවත්සරය පසුගිය දිනට යෙදී තිබිණි. ඒ සඳහා මා හට ද ආරාධනා කලා යැයි පක්ෂ ලේකම් දයාසිරි, පාක්ෂිකයන් හට සහ මාධ්‍ය වෙත පවසා ඇති අතර, එය අමූලික අසත්‍යයකි. පසුගිය පක්ෂ සම්මේලන 3 ට ම මා හට කිසිඳු නිල ආරාධනයක් නොලැබුණු බව මා සහතිකව කියමි. පක්ෂ සාමාජිකයන් තවදුරටත් මුලා කිරීමේ අරමුණින් මොවුන් ගොතන බොරු පිලිබඳව නුවණින් විමසා බැලීම සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික ඔබගේ වගකීමකි. සම්මේලන සඳහා පමණක් නොව මධ්‍යම කාරක සභා රැස්වීම් සඳහා ද මට වසර ගණනාවකින් කිසිඳු ආරාධනාවක් ලැබුණේ නැත.

 

එසේ ලැබුනේ නම්, මාගේ ආදරණීය පියා බිහිකල, මව රැකගත්, මා හැදී වැඩුණු, මා හට රටට නොමැකෙන සේවයන් කිරීමට මගපෑදූ පක්ෂය වෙනුවෙන් මා ඒ සඳහා සහභා⁣ගී නෙවේ යැයි ඔබ සිතනවා ද? එසේ නම් එම ආරාධනයන් මා බාරගන්නේ එකසිතිනි. ඉදිරියටත් එය එසේමය.

 

පක්ෂ සභාපති සහ ලේකම් නිදහස් පක්ෂ මූලස්ථාන කාර්යය මණ්ඩලයට පවා උපදෙස් ලබා දී ඇත්තේ සංවිධානය කරන කිසිඳු පක්ෂ රැස්වීමකට හෝ උත්සවයකට මා හට ආරාධනා නොකරන ලෙසටය.

 

ඒ සියල්ල දෙස මා බලා සිටිනුයේ අනුකම්පාවෙන් සහ උපේක්ෂාවෙනි.

 

පක්ෂ පාළුවන්ගෙන් අප පක්ෂය බේරාගැනිමේ හෝරාව එලැඹ ඇත.

views

442 Views

Comments

arrow-up