SEP
14
එජාප නායකත්වය ගැන අවසන් තීරණය අද ?
අද (14) දින එක්සත් ජාතික පක්ෂ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විමට නියම්තව තිබේ.
පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 03.00 ට පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන බවයි.
මෙහිදි එජාප නායකත්වය සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණෙනු ඇති බව වාර්තා වෙයි.
නායකත්වය තෝරාපත් කරගැනීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් ද තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.
484 Views
Comments