දිවි නැගුම නඩුවෙන් බැසිල් නිදහස් කරනවාද ? තීන්දුව අද

දිවි නැගුම දෙපාර්තමේන්තුවේ අරමුදල් රුපියල් මිලියන 2992 ක මුදල් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවෙන් හිටපු අමාතය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සිවුදෙනකු නිදොස් කොට මුදා හරිනවාද නැද්ද යන්න තීන්දුව අද (30) කොළඹ මහාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.
මෙම තීන්දුව කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.ගුරුසිංහ මහතා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
පැමිණිලි පාර්ශවය විසින් සිදු කළ සාක්ෂි විමසීමේදී විත්තිකරුවන් විසින් අධිචෝදනා වල සදහන් වන ආකාරයට වරදක් සිදු කර ඇති බවට සාක්ෂි අනාවරණය කර ගෙන නොමැති බැවින් විත්ති පාර්ශවයේ සාක්ෂි නොකැදවා අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 200 (1) වගන්තිය ප්‍රකාරව තමන් නිදොස් කොට මුදා හරින ලෙසට බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සිවුදෙනා මහාධිකරණ විනිසුරු ආර්.ගුරුසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත .
706 Views
Comments