රටේ සියළුම එළවළු රජය මගින් මිලදී ගැනීමට තීරණය කරයි

දේශීය එළවළු ගොවියන්ගේ සියලුම එළවළු තොග මිලදී ගැනීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.
දඹුල්ල, ගලේවෙල, නාවුල, ලග්ගල හා විල්ගමුව යන ප්‍රදේශවලදී මෙලෙස රජය විසින් එළවළු මිලදී ගැනීමට තීරණය කර ඇත.
ඒ අනුව දඹුල්ල්ල ගම්උදාව ක්‍රීඩාපිටිය, දඹුල්ල පරණ සති පොළ භූමිය, විහාරය රථ ගාල, පැල්වෙහෙර රජයේ ගොවිපල, ගලේවෙල ක්‍රීඩාංගනය, දේවහුව ගොවිජන සේවා මධ්‍යස්ථානය, ලග්ගල ගොවිජන සේවා මධ්‍යස්ථානය, වීල්ගමුව ගොවිජන සේවා මධ්‍යස්ථානය, නාවුල අලුගොල්ල ගොව්ජන සේවා මධ්‍යස්ථානය යන ස්ථානවලදී අද(11) දින උදේ සිට සවස් වනතුරුම ගොවීන් රැගෙන එන එළවළු තොග සියල්ලම රජය මිලදී ගැනීම සිදුකිරීමට නියමිතය.
718 Views
Comments