මන්ත්‍රීවරුන්ට 3000 කෑම එක 200 දෙනවා යැයි කීමට මන්ත්‍රීන්ගේ විරෝධය

නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා විශේෂ වැඩමුළු කිහිපයක් මේ දිනවල පාර්ලිමේන්තුවේ දී පැවැත් වෙමින් තිබෙනවා.
එහිදී අගෝස්තු 26 වැනි දා පස්වරුවේ දී දේශනයක් පැවැත්වීමට පැමිණි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මුදල් අධ්‍යක්ෂවරයා කළ ප්‍රකාශයක් හේතුවෙන් සමුළුව තුළ නොසන්සුන්තාවයක් ඇති වී තිබෙනවා.
එම දේශනයේ දී පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (මූල්‍ය) ඒ.එස්. උපනන්ද සඳහන් කර ඇත්තේ රුපියල් තුන්දහසක් වටිනා කෑම වේලක් රුපියල් දෙසීයකට මන්ත‍්‍රීවරයකුට ලබාදෙන බව යි. ඔහු එම දේශනය සිදුකර ඇත්තේ “පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලැබෙන මූල්‍යමය ප්‍රතිලාභ” යන මාතෘකාව ඔස්සේ ය.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුට උදෑසන ආහාරය රුපියල් 100කට, දිවා ආහාරය රුපියන් 200කට සහ කෙටි ආහාර රුපියල් 50ක මුලකට ලබා දෙන බව ඔහු සඳහන් කර තිබෙනවා. එහෙත් රුපියල් 200ක මිලට දහවල් ආහාර වේල ලබා දුන්නත් එය රුපියල් 3000 ක් පමණ වටිනා බව ඔහු පැවසීමත් සමග එම ප්‍රකාශයට නවක මන්ත්‍රිවරු පිරිසක් දැඩි විරෝධයක් පළ කර තිබෙනවා.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීනී, රාජ්‍ය ඇමැති සීතා අරඹේපොල විමසා ඇත්තේ “මේ කෑම වේල රුපියල් 3000 ක් වටිනවද? අපි මේ දවස් දෙකේ ඔය කියන ආහාර වේල ගත්තා. ඒ කෑම වේලේ එතරම් වටිනාකමක් තියෙනවද? අපි නම් එහෙම එකක් දැක්කෙ නෑ.
පළවෙනි දවසෙ ගෙදර ගිහින් මම හිතුවා වැරදි තැනකින් කෑම ගත්තද කියල. තුන්දහසේ බුෆේ එක කොහේද කියලා මම හොයලා බැලූවා. මෙවැනි වැරදි මත සමාජගත වූ නිසා තමයි මිනිස්සු පාර්ලිමේන්තුවට වෛර කරන්නේ.” යනුවෙනි
847 Views
Comments