මහවිරු සැමරුමක් කිරීමට සුදානමින් සිටියදී අත්අඩංගුවට ගත් පූජකවරයාට ඇප

අධිකරණ නියෝග නොතකා මහවිරු සැමරුම් වැඩසටහනක් පැවැත්වීමට සුදානම් කරමින් සිටියදී යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පූජකවරයාට ඊයේ(28) ඇප ලබාදීම සිදුකළ බව යාපනය ආරක්ෂක අංශ පවසනවා.
යාපනය කිතුණු ආගමික ස්ථානයක් අසළදි මහවිරු සැමරුම් සිදුකිරීමට පහන් දැල්වීමට සුදානම් කොට තිබියදී සැකකාර කිතුණු පූජකවරයා 27 වැනිදා සවස යාපනය පොලිස් නිළධාරීන් අත්අඩංගුවට ගැනුණා.
යාපනය ආරක්ෂක අංශ පැවසූවේ සැකකාර පූජකවරයා අත්අඩංගුවට ගෙන යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඊයේ(28) ඇප ලබාදීම සිදුකළ බවයි.
අදාළ පූජකවරයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකාර පූජකවරයා සතුව එල්.ටි.ටි.ඊ. ලාංජන හා ප්‍රභාකරන්ගේ රුව සහිත ජායාරූපයක්ද ළඟ තිබි ඇති බව ආරක්ෂක අංශ පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
718 Views
Comments