වෛද්‍ය සැපයුම් අංශයේ 6කට කොරෝනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
24

වෛද්‍ය සැපයුම් අංශයේ 6කට කොරෝනා

වෛද්‍ය සැපයුම් අංශයේ 6කට කොරෝනා

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ සේවය කරන සේවකයන් හයදෙනකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වේ.

 

මේ හේතුව මත දිවයින පුරා සියලුම ​රෝහල්වලට ඖෂධ හා වෛද්‍ය උපකරණ බෙදාහරින වෛද්‍ය සැපයුම් අංශයේ සියලු සේවකයන් ඊයේ (23) පී.සී.ආර්. පරීක්ෂාවකට ලක් කර තිබේ.

 

දිවයිනේ සියලුම රෝහල් සඳහා ඖෂධ ලබාගැනීමට දිනකට වාහන පනහකට ආසන්න සංඛ්‍යාවක් මෙම පරිශ්‍රයට පැමිණෙන අතර එම වාහන සීමා කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

 

වෛද්‍ය සැපයුම් අංශයෙන් ඖෂධ ලබාගෙන ගිය පළාත් හා දිස්ත්‍රික් රෝහල් කාර්ය මණ්ඩලවලටද රෝගය පැතිර යාමේ අවදානමක්ද මතුව ඇත.

 

ආසාදිත පුද්ගලයන් පසුගිය සතියේ සිට සේවයේ නියුතුව ඇති බැවින් ඔවුන්ගේ පළමු පෙළ ආසාදිතයන් පී.සී.ආර්. පරීක්ෂාවට ලක්කර රෝහල්ගත කරන බවත් අවශ්‍ය වන්නේ නම් දෙවැනි පෙළ ආශ්‍රිතයන්ද පරීක්ෂාවට ලක්කිරීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ​අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද සිල්වා සඳහන් කළේය.

 

 

 

 

 

views

723 Views

Comments

arrow-up