වැරැද්දක් කළත් අපේ කෙනාව ආරක්ෂා කරන්න ඕන – ඇමති ජොන්ස්ටන් (VIDEO)

වැරැද්දක් කළත් අපේ මනුස්සයෙක් නම් අපි ආරක්ෂා කළ යුතු බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටිනවා. පොල් මිල සම්බන්ධයෙන් නිකුත් කොට ඇති නව ගැසට් නිවේදනය අනුව පොල් මැනීමේ ක්‍රමවේදය ගැන මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
” මේ විදිහට මම වෙළද ඇමැතිවෙලා ඉන්න කාලෙත් පොල් මිල වැඩි වුණා. මම පොල් පිට රටින් පාවා ගෙන්නුවා. එය කාගේවත් වැරැද්දක් නෙමේ. එය කාලෙන් කාලෙට වෙන දෙයක්.
මේ විදිහට පොල් මැනීම සම්බන්ධයෙන් මම කිසිම දෙයක් කියන්නේ නැහැ. අපි එකට ඉන්නේ. වැරැද්දක් කලත් අපිත් එක්ක ඉන්න කෙනෙක්ව ආරක්ෂා කරන්න ඕන.” මෙහිදී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටියා.
වැරැද්දක් කළත් අපේ මිනිහෙක් නං අපි එයාව රකින්න ඕනේ.වැරැද්දක් කළත් අපේ මිනිහෙක් නං අපි එයාව රකින්න ඕනේ.
Posted by Headline News on Tuesday, September 29, 2020
950 Views
Comments