රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා බොහොමයක තාවකාලිකව බලපත්‍ර අවංගු වන ලකුණු

ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් පෞද්ගලික රූපවාහිනී නාලිකා අවසරපත් 54ක් සහ ගුවන් විදුලි නාලිකා අවසරපත් 27ක් ලබාදී ඇතත් මේ වනවිට ක්‍රියාකාරීව පවතින්නේ රූපවාහිනී නාලිකා 28ක් සහ ගුවන් විදුලි නාලිකා 18ක් පමණක් බව ඒ පිළිබඳව සොයාබැලීම සඳහා පත් කළ විද්වත් කමිටුව රජයට දැනුම් දී ඇත.
මෙසේ නිකුත් කර ඇති බලපත්‍රවලින් වැඩි ප්‍රමාණයක් තාවකාලිකව අවසරපත් ලෙස නිකුත් කර ඇති බවත්, අවසරපත් සියල්ලම පාහේ නිකුත් කර ඇත්තේ අවිධිමත් ලෙස බවත්, එම කමිටුව පෙන්වා දී ඇත.
රාජ්‍ය මාධ්‍ය ආයතන පිහිටුවීමට සකස් කරන ලද 1966 අංක 37 දරණ ගුවන් විදුලි සංස්ථා පනත සහ 1982 අංක 6 දරණ රූපවාහිනී සංස්ථා පනත යටතේ, පෞද්ගලික මාධ්‍ය ආයතනවලට විකාශය බලපත්‍ර ලබාදීම එම පනත්වලින් අපේක්ෂිත පරමාර්ථය සමඟ කිසිසේත් නොගැළපෙන බවද, කමිටුව නිරේදේශ කර තිබේ.
එබැවින් පෞද්ගලික රූපවාහිනී නාලිකා සහ ගුවන් විදුලි නාලිකා අවසරපත් ලබාදීම සඳහා නව පනත් කෙටුම්පතක් සම්පාදනය කළ යුතු යැයිද කමිටුව නිර්දේශ කර ඇත.
1314 Views
Comments