ටෙලියක් ගහන්න ගොස් හෝටලයක නිරෝධායනය කර PCRවලට ලක්කිරීම ගැන ශලනි තාරකා කතාකරයි

බස්නාහිර පළාතේ ඇදිරිනීතිය පැනවූ අවස්ථාවේ ටෙලිනාට්‍යයක් රූගත කිරීම සඳහා බණ්ඩාරවෙල ප්‍රදේශයට ගොස් සිටි නළු නිළියන් පිරිසක් ඇතුළු කණ්ඩායමකට ප‍්‍රදේශවාසීන් විසින් විරෝධය එල්ල කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාර පැතිර ගියා.
රූගත කිරීම් කටයුතු සඳහා 14දෙනෙකුගෙන් යුත් පිරිසක් ගොස් ඇති අතර ඔවුන් සියලුදෙනාම නිරෝධනයට ලක් කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ පිහිටි හෝටලයක ඔවුන් මෙසේ නිරෝධායනයට ලක් කර ඇති අතර ඔවුනට කොරෝනා පරීක්ෂණ ද සිදු කර ඇති බවත් ඒහි ප්‍රතිඵල ලැබෙන තෙක් රැදී සිටින බවත් වාර්තා වනවා.
මෙසේ නිරෝධනයට ලක් කළ පිරිස අතර ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකාද සිටින අතර අැයගේ නිල ෆේස්බුක් පිටුවෙහි සටහනක් සහ වීඩියෝවක් පළ කර තිබුණා.
" මා ඇතුලු “Can you hear me” ටෙලි නාට්‍යයේ රංගන ශිල්පීන් සහ කාර්‍ය්මණ්ඩලය බණ්ඩාරවෙල නිරෝධායනයට ලක්කර ඇතිබව පවසමින් ගෙනයන මාධ්‍ය ප්‍රචාරය සම්බන්දයෙන් නිවැරදි කරුණු ඉදිරිපත් කිරීම සදහා “Can you hear me” ටෙලිනාට්‍යය කණ්ඩායමේ අපි අද හවස facebook live එනවා.
ඒ වගේම සාවද්‍ය තොරතුරු පලකරමින්, මාධ්‍ය සදහා බලාත්මක නිරෝධායන නිතී උල්ලංගනය කරමින් මාගේ නම සහ මාගේ ජායාරූප අවභාවිතා කල සියලුම සමාජ මාධ්‍යයන්ට එරෙහිව (facebook, gossip sites) නීතිමය ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇත.
ස්තූතියි.."
ෆේස්බුක් Live වෙනුවට අැය FB පිටුවෙහි වීඩියෝවක් පළ කර තිබුණා.
27878 Views
Comments