සජිත්ගේ පක්‍ෂය ඇතුලේ මත ගැටුම්.. මුල ඉදන්ම කචල්..- සජිත් නිරුවත් කරමින් මංගල හෙලි කරයි..

සමගි ජනබලවේගයේ අභ්‍යන්තර මතබේද තමන්ට පාර්ලිමේන්තු දේශපාලනය එපා කල බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා පවසයි.
මෙවර මැතිවරණය තරග නොකිරීමට තීරණය කිරීම ගැන දෙරණ රූපවාහිනිය සමගින් අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.
පක්‍ෂ දේශපලානයකට කොටු වූ පසු කතා කරන්නට බැරි තත්වයක් ඇති බවත් කතා කලද එය පක්‍ෂයේ පසුබෑමට හේතුවක් යයි ඇතැමුන් පැවසූ බවද ඔහු සදහන් කලේය.
තමන්ගේ ප‍්‍රකාශ පක්‍ෂයේ ඇතැමුන්ට විශාල අසහනයක් ගෙන දුන් බවක් පෙනුනු බවත් දැන් තමන් පක්‍ෂයේ නැති නිසා මැතිවරණය හොදින් කර පෙන්වන ලෙසද කියා සිටියේය.
නාම යෝජනා බාර දී දින කිහිපයකින් සමගි ජනබලවේගයේ යම් යම් මත ගැටුම් ඇති බවත් දැන් දේශපාලනය කලා ඇති යයි තමන් එවිට කල්පනා කල බවද ඔහු කියා සිටියේය.
847 Views
Comments