විදේශ රටවලින් පැමිණෙන්නන් PCR පරීක්ෂණයට යොමුකිරීම අනිවාර්යයි

විදේශවල සිට පැමිණෙන පුද්ගලයින් PCR පරීක්ෂණ වෙත යොමු කර ප්‍රතිඵල ලැබෙන තෙක් වෙනම ස්ථානයකට යොමු කර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසන්නැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා.
ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ, COVID 19 කාර්ය සාධන බලකායේ සහ විශේෂඥ වෛද්‍යවරුන් සමග අද දහවල් ජනධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී.
PCR පරීක්ෂණවල ප්‍රතිඵල මත මෙරට පැමිණි පුද්ගලයින් නිරෝධායනය සඳහා යොමු කරන ලෙස ද ජනාධිපතිවරයා එහිදී උපදෙස් දී තිබෙනවා.
PCR ප්‍රතිඵල කඩිනම් කිරීමට ගුවන් තොටුපළ පරිශ්‍රයේදී පරීක්ෂණාගාරයක් ස්ථාපනය කිරීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා.
වසංගතය දිර්ඝ කාලයක් පැවතිය හැකි බැවින්, ගුවන් තොටුපළ පරිශ්‍රයේ පරීක්ෂණාගාරයක් තවදුරටත් පවත්වාගෙන යාමේ වැදගත්මක ද ජනාධිපතිවරයා සාකච්ඡාවේදී අවධාරණය කර තිබෙනවා.
ඊට අමතරව විදේශයන්හි සිට පැමිණෙන පිරිස් අදාළ රටේදීම PCR පරීක්ෂණයට යොමු කිරීමට හා ඒ සම්බන්ධයෙන් මැදිහත්වීමේ ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමට ද සාකච්ඡාවේදී තීරණය වූ අතර මෙලෙස කල්තියා ආසාදිතයින් හඳුනා ගැනීමෙන් රෝහල් වෙත යොමු කිරීමේදී හා නිරෝධායනයේදී ගැටලු රැසක් අවම කර ගැනීමට හැකි වෙතැයි ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී සඳහන් කර තිබෙනවා.
688 Views
Comments