වසරක් පුරා සිසුවෙකු ඔහුගේ නිවසේදීම අපයෝජනය කළ ගුරුවරයා අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
19

වසරක් පුරා සිසුවෙකු ඔහුගේ නිවසේදීම අපයෝජනය කළ ගුරුවරයා අත්අඩංගුවට

වසරක් පුරා සිසුවෙකු ඔහුගේ නිවසේදීම අපයෝජනය කළ ගුරුවරයා අත්අඩංගුවට

වයස අවුරුදු 12ක පිරිමි දරුවෙකු අපයෝජනය කළ උපකාරක පන්ති ගුරුවරයෙක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ගණිතය විෂයට පන්ති පත්වන මුවාවෙන් නිවසට පැමිණි මෙම ගුරුවරයා විසින් කාලයක් පුරා මෙම දරුවා ලිංගික අපයෝජනයට ලක් කර ඇතැයි ළමා ආරක්ෂක අදිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය වෙත 2020 ජුලි මස ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදුකර ඇත.

 

ඒ අනුව අගෝස්තු මස 17 වන දින අදාළ ගුරුවරයා අත්අඩංගුවට ගෙන, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

 

2018 වසරේ දී සිදුවී ඇති මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපයෝජනයට ලක්වු දරුවා විසින් පළමුවෙන් යහළුවෙක්ට පවසා ඇති අතර, පසුව දෙමව්පියන්ට සිද්ධිය පිළිබඳව පැවසීමෙන් අනතුරුව, පසුගිය දිනක අදාළ දරුවා හා ඔහුගේ දෙමාපියන් විසින් ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිලි කර තිබේ.

 

ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන මෙම බාලවයස්කාර පිරිමි දරුවාගේ පියා විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක් වේ.

 

පියාගේ හිතවතෙකු මාර්ගයෙන් මෙම ගුරුවරයා හඳුනා ගෙන ඇති අතර, ගුරුවරුයා ළමයාගේ නිවසේ කාමරයක් තුළ ඉගැන්වීම් සිදුකර තිබේ.

 

මුල් කාලයේ දී කාමරයේ දොර, ජනෙල්  සියල්ල විවෘතව තබා ඇති අතර, පසුව ක්‍රමයෙන් සියලු දොර ජනෙල් වසා දමා ඉගැන්වීම් සිදුකර ඇත.

 

ළමයා ලිංගික කටයුතු සඳහා අකමැත්ත ප්‍රකාශ කර ඇති අතර පසුව ගුරුවරුයා විසින් අසභ්‍ය වීඩියෝ පට පෙන්වා ළමයා ලිංගික කටයුතු සඳහා පොළඹවා ගෙන අපයෝජනය කර තිබේ.

 

මෙම අපයෝජනය සිදුවන අවස්ථාවන්හි දී ළමයාගේ මව සහ මිත්තණිය නිවසේ සිට ඇති බවත්, පියා සොයා දුන් ගුරුවරයෙක් නිසා මෙන්ම වෙනත් ගුරුවරුයෙක් සොයා ගැනීමට අවස්ථාවක් නොලැබෙනු ඇතැයි සිතූ නිසාත්, ගුරුවරයා විසින් ළමයා වෙත තර්ජනය කර සිටි නිසාත් මේ පිළිබඳ දෙමව්පියන්ට නොදැන්වු බව දරුවා වැඩිදුරටත් කටඋත්තර ලබා දෙමින් පවසා තිබේ.

 

 

views

941 Views

Comments

arrow-up