තවත් ව්‍යාපෘති ඇමතිවරුන් පස්දෙනෙක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
13

තවත් ව්‍යාපෘති ඇමතිවරුන් පස්දෙනෙක්

තවත් ව්‍යාපෘති ඇමතිවරුන් පස්දෙනෙක්

කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්ට අමතරව ව්‍යාපෘති ඇමතිවරුන් 05 දෙනෙකු පත් කිරීම කෙරෙහිද රජයේ අවධානය යොමු වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.


කෙසේ වෙතත් එම පත්කිරීම් සිදුකරන දිනවකවානු දේශපාලන වාර්තාකරුවන් වෙතද නිශ්චිතව වාර්තා වී නැහැ.


ඇතැම් විට මෙම පත්කිරීම් ව්‍යවස්ථා සංශෝධනයකින් අනතුරුව සිදුකිරීමටද ඉඩ ඇති බවටද වාර්තා පලවී තිබෙනවා.


එස්.බී.දිසානායක, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න, අනුර යාපා, ඩිලාන් පෙරේරා, තිස්ස විතාරණ, රංජිත් සියඹලාපිටිය, සුසිල් ප්‍රේම්ජයන්ත්, මහින්ද යාපා අබේවර්ධන ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් ගණනාවකට මෙවර කිසිදු අමාත්‍යදූරයක් හිමිවුණේ නැහැ.


එම නියෝජිතයින් වෙනුවෙන් මෙලෙස ව්‍යාපෘති අමාත්‍යදූර ලබාදීමට යෝජනා වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

 

views

778 Views

Comments

arrow-up