දිනකට PCR පරීක්ෂණ 2500ක් කරන්න - දෙවන රැල්ලක් ඇතිවීමේ අවධානම වැඩි -GMOA
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
31

දිනකට PCR පරීක්ෂණ 2500ක් කරන්න - දෙවන රැල්ලක් ඇතිවීමේ අවධානම වැඩි -GMOA

දිනකට PCR පරීක්ෂණ 2500ක් කරන්න - දෙවන රැල්ලක් ඇතිවීමේ අවධානම වැඩි -GMOA

නාවික හමුදාවේ සහ විදෙස්ගතව සිට මෙරට පැමිණි ශ්‍රී ලාංකිකයින්ගේ කොරෝනා ආසාදිත පොකුරු නිසි ලෙස කළමනාකරණය නොකළහොත් රටතුළ දෙවන කොරෝනා රැල්ලක් නිර්මාණය විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

 

වෛද්‍ය නවීන් ද සොයිසා සඳහන් කර සිටියේ විදේශගත ශ්‍රමිකයින් කටුනායකට පැමිණී විගස PCR පරීක්ෂණ සිදුකිරිම අනිවාර්ය බවත් එමෙන්ම ඔවුන්ව නිසි නිරෝධායන ක්‍රියාවලියකට යොමු කළ යුතු බවද පෙන්වා දුන්නා.

 

කොරෝනා මර්ධනය සඳහා රාජකාරියේ යෙදී සිටින සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ සාමාජිකයින්ව PCR පරීක්ෂණ සිදුකොට සමාජය තුලට කොරෝනා වෛරසය පැතිරිමට ඉඩ නොතැබිය යුතු බව වෛද්‍ය නවින් ද සොයිසා අවධාරණය කර සිටියා.

 

පවතින තත්ත්වය හමුවේ දෛනිකව සිදුකෙරෙන PCR පරීක්ෂණ 2,500 ක් දක්වා ඉහල දමන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කළ බව වෛද්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

views

879 Views

Comments

arrow-up