කොළඹ සියලු මංතීරු නීති සදුදා සිට ක්‍රියාත්මකයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
06

කොළඹ සියලු මංතීරු නීති සදුදා සිට ක්‍රියාත්මකයි

කොළඹ සියලු මංතීරු නීති සදුදා සිට ක්‍රියාත්මකයි

කොළඹ නගරය තුළ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය සහ මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව “අලුතින් පටන් ගමු, මහ මග විනය ඇති කරමු” යන තේමාව යටතේ මෙය ආරම්භ කරන බව පොලීසිය පවසයි.

 

ලබන 08 වැනි සඳුදා සිට ලබන 22 වැනිදා දක්වා මාර්ගයේදී පොලිස් නිලධාරීන් විසින් මේ සම්බන්ධව රියැදුරන් දැනුවත් කරනු ලැබේ.  නමුත් ලබන 22 වැනිදා සිට මෙම මංතීරු නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

 

පෙරවරු 6.00 සිට පෙරවරු 9.00 දක්වා කොළඹට පැමිණීමේදී සහ පස්වරු 4.00 සිට පස්වරු 7.00 දක්වා කොළඹින් පිටවීමේදී අදාළවන මංතීරු නීතිය අදාළවන මාර්ග මෙසේය.

 

* කොළඹ ඕල්කට් මාවත, රීගල්, කුමාරරත්නම් පාර, පිත්තල හන්දිය, පුස්තකාල වට රවුම, කොල්ලුපිටිය හන්දිය

 


පස්වරු 5.00 සිට රාත්‍රී 8.00 දක්වා කොළඹින් පිටවීමේදී මංතීරු නීතිය අදාළවන මාර්ග මෙසේය.

 

* ගල්කිස්ස මැලිබන් හන්දියේ සිට මොරටුව කුරුස හන්දිය දක්වා මාර්ගය

 


බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මකවන අවස්ථාවේදී එම මංතීරුව තුළින් ගමන් කළ යුතු වාහන පිළිබඳව ද පොලීසිය දැනුම් දී තිබේ. ඒ අනුව එම වාහන මෙසේය.

 

01. පුද්ගලික බස් රථ‍
02. ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ
03. ආසන 20ට වැඩි (කාර්යාල ප්‍රවාහන සේවා) බස් රථ
04. පාසල් ළමුන් ප්‍රවාහනය කරනු ලබන පොදු ප්‍රවාහන බස් රථ සහ වෑන් රථ

views

717 Views

Comments

arrow-up