ඉදිරි පැය 24ක කාලය තුළ සුළි කුණාටුවක් ඇතිවීමේ අවදානමක් - ප්‍රදේශ රැසකට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
23

ඉදිරි පැය 24ක කාලය තුළ සුළි කුණාටුවක් ඇතිවීමේ අවදානමක් - ප්‍රදේශ රැසකට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි

ඉදිරි පැය 24ක කාලය තුළ සුළි කුණාටුවක් ඇතිවීමේ අවදානමක් - ප්‍රදේශ රැසකට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි

බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර ලංකාවේ ත්‍රිකුණාමලය වෙරළට කි.මී.370 දුරින් (9.3N,84.5E) මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පවතී.

 

ඉදිරි පැය 24ක කාලය තුළ එය, සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැක. මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුල දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇත.

 

 

මෙම පද්ධතියේ බලපෑමෙන්දිවයිනේ නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල විටින් විට පැ.කි.මි. (60-70) පමණ දක්වා වන ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇති විය හැක. සෙසු ප්‍රදේශවල පැ.කි.මි.(40-50) පමණ දක්වා වන ප්‍රහාරාත්මක තද සුළං ඇති විය හැක.

 

 

නැගෙනහිර, උතුරු,උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු පළාතේත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි හැකි අතර උතුරු මැද සහ වයඹ පළාත්වලත් මඩකළපුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50-100 පමණ තරමක් තද වැසි ඇතිවිය හැක.

 

 

බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක.

 

 

තද සුළං මගින් සිදු විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවලසුළං උතුර සිට ඊසාන දක්වා දිශාවලින් හමන අතර සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (80-100) දක්වා ඉහළ යාමට හැකියාවක් පවතී.

 

සෙසු මුහුදු ප්‍රදේශවල සුළං වයඹ සිට නිරිත දක්වා දිශාවලින් හමයි.පුත්තලම සිට කොළඹ හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා ඉහළ යාමට හැකියාවක් පවතී.සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 30-40 පමණ වේ.

 

 

පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු හෝ දළ රළු විය හැකි බැවින්මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ.

 

 

පුත්තලම සිට කොළඹ හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවිටින් විට රළු වියහැකි බැවින් මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල යෙදීමේදී වඩාත් අවදානයෙන් පසුවිය යුතු බව දැනුම් දෙනු ලැබේ.

 

 

 

views

621 Views

Comments

arrow-up