සජිත්ගේ මිනිස්සු එක එකා ඉල්ලා අස්වෙනවාද ? - තිස්සගෙන් පිළිතුරු

සමගි ජන බලවේගයේ අපේක්ෂකයින් එකිනෙකා ඉල්ලා අස්වන බවට ඇතැමුන් කීවත් එළඹෙන සඳුදා දිනයේ සිට ඒ කියන පක්ෂවල කණ්ඩායම් කෑලි කෑලි කැඩීයන ආකාරය කාටත් දැක ගැනීමට හැකිවනු ඇති බව සජබ ජාතික ලැයිස්තු අපේක්ෂක තිස්ස අත්තනායක මහතා පවසයි.
"ඔන්න සජිත්ගේ මිනිස්සු එක එකා ඉල්ලා අස්වෙනවාලු. මං පෙන්නන්නම් එන සඳුදා ඉඳලා මොකක්ද වෙන්නෙ කියලා තමුන්නාන්සෙලා බලාගෙන ඉන්න. එන සඳුදා ඉඳලා ඔය කියන කණ්ඩායම් කෑලි කෑලි ගැලවිලා යන හැටි තමුන්නාන්සෙලා පොඩ්ඩක් බලාන ඉන්න, ඒගොල්ලොන්ට මොකද වෙන්නෙ කියලා.
එහෙම නම් මතක තියාගන්න මේ ඡන්දය එක්සත් ජාතික පක්ෂය හදන්නෙ ජයග්‍රහණය කරලා ගෝඨාභය රාජපක්ෂට, මහින්ද රාජපක්ෂට ඒ මුක්කුව ගහන්න. ඒකට ඉඩදෙන්නෙ නැති වෙන්න නම් අපි මේක අතුගාලා දාන ඡන්දයක් බවට පත්වෙන්න ඕනෙ. ඊට පස්සෙ අපි ඔක්කොම එකතුවෙලා ඔය සියල්ල එකතු කරලා හදාගමු" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
තිස්ස අත්තනායක මහතා මේ බව පැවසුවේ ඊයේ (13) මහනුවරදී පැවති පාක්ෂිකයින්ගේ හමුවක් අමතමිනි.
879 Views
Comments