JUN
21
බන්ධනාගාර ජේලර්ලා දෙදෙනෙකුගේ වැඩ තහනම් - පොලිස් අත්අඩංගුවට

බන්ධනාගාර රැඳවියන්ට දුරකතන ලබා දීමට තැත් කළ මාතර සහ මහර බන්ධනාගාරයේ නියාමකවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
වැඩ තහනම් වූ මහර බන්ධනාගාරයේ නියාමකවරයා අවස්ථා කිහිපයකදීම රැඳවියන්ට දුරකතන ලබා දීමට උත්සාහ කර ඇතැයි, මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
සැකකාර නියාමකවරයා පිළිබඳව ඉදිරි කටයුතු කරන්නැයි, පොලීසියට පැමිණිලි කළ බව ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.
772 Views
Comments