කොරෝනා ව්‍යවසනයට මුහුණ දෙන්න ගුවන් හමුදාව ප්‍රහාරක හෙලිකොප්ටර් යානා ගුවන් ගිලන් රථ බවට පෙරළයි – (Photos)
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
24

කොරෝනා ව්‍යවසනයට මුහුණ දෙන්න ගුවන් හමුදාව ප්‍රහාරක හෙලිකොප්ටර් යානා ගුවන් ගිලන් රථ බවට පෙරළයි – (Photos)

කොරෝනා ව්‍යවසනයට මුහුණ දෙන්න ගුවන් හමුදාව ප්‍රහාරක හෙලිකොප්ටර් යානා ගුවන් ගිලන් රථ බවට පෙරළයි – (Photos)

කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයකු රැගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් ඇතුළත් කරමින්, ගුවන් හමුදාව විසින් එම් අයි-17 දරන හෙලිකොප්ටරය ගුවන් ගිලන් රථයක් බවට පත්කර නවීකරණය කර නිමවීමේ කටයුතු ඉකුත් දා සිදුකරන ලදී.

 

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් මත, ගුවන්යානා ඉංජිනේරු අධ්‍යක්ෂකවරයාගේ මෙහෙයවීම අනුව, අංක 6 දරන හෙලිකොප්ටරය බලගණය එහි කටයුතු සඳහා දායක වූයේය.

 

නවීකරණයට ලක් වූ මෙම හෙලිකොප්ටරයෙහි රෝගීන් 12දෙනෙකු එකවර රැගෙන යා හැකි අතර ගිලන් සයන 12ක් ද තැබීමට පහසුකම සලසා ඇත.

 

මෙම ගුවන් ගිලන් රථය සමඟ ගුවන් හමුදා කාර්ය මණ්ඩලය සහ වෛද්‍ය ඒකකය හදිසි අවස්ථාකවදී ක්‍රියාකිරීම සඳහා කටුනායක ගුවන් හමුදා කඳවුරෙහි සූදානම් ව සිටිති.

 

 

views

1050 Views

Comments

arrow-up