ඇවිදින මංතීරු අද සිට විවෘතයි - උපදෙස් මාලාව මෙන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
15

ඇවිදින මංතීරු අද සිට විවෘතයි - උපදෙස් මාලාව මෙන්න

ඇවිදින මංතීරු අද සිට විවෘතයි - උපදෙස් මාලාව මෙන්න

‍‍කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින් මසකට අධික කාලයක් වසා දමා තිබූ ඇවිදින මන්තීරු අද (15) පෙරවරුවේ සිට විවෘත කළ බව පොලීසිය කියයි

 

අවස්ථාව සනිටුහන් කරමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් ක්‍රීඩා කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් කොළඹ 7  ටොරින්ටන් හි පිහිටි ඇවිදින මංතීරුව විවෘත කළ බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි



ඇවිදින මන්තීරු විවෘත කළද කළ ද ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම භාවිතා කරමින් ව්‍යායාම ව්‍යායාමවල යෙදෙන ලෙසට පොලිසිය ලෙස පොලිසිය ඉල්ලීමක් කරයි.

 

තාවකලිකව වසා දමන ලද ඇවිදින මංතිරු සහ යෝග ව්‍යායාම් මධ්‍යස්ථාන සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන නිර්දේශයන්ට යටත්ව විවෘත කිරිමට කටයුතු කිරිමට උපදෙස් ලබාදී ඇත.



නැවත දැනුම් දෙනතුරු සෑම දිනකම පෙරවරු 5.00 සිට 8.00 දක්වාත් සහ සවස 5.00 සිට රාත්‍රී 8.00 දක්වා ඇවිදින මංතීරු විවෘතව තැබෙනු ඇත.



ඇඳිරි නිතිය පනවා ඇති ප්‍රදේශවල ව්‍යායාම් ඇඳුමින් සැරසී ඒ සඳහා ගමන් කිරිමට අවසර හිමිවන බවයි වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කලේ.



ඇවිදින මංතීරු භාවිතා කිරීමේදී උපදෙස් :

• ව්‍යායාම් වල නිරත වන තැනැත්තන් මුඛ ආවරණ පැළඳීම.

• ව්‍යායාම් වල නිරතවීමේදී සමාජ දුරස්ථතාවය පවත්වගෙන යාම

• කණ්ඩායම් වශයෙන් ශාරීරික ව්‍යායාම කිරිම සඳහා ඉඩ ලබා නොදීම

• හැකි සෑම විටකම ව්‍යායාම් වල නිරත වන පුද්ගලයන් එක් දිශාවකට ගමන් කරවීම

• ඇවිදින මංතීරු පිවිසුම් ස්ථානයන්හි විෂබිජහරණ දියර සහ අත්පා පිරිසිදු කිරිම සඳහා සුදුසු ක්‍රමවේද සකස් කිරිම

• කොරෝනා රෝගයට අදාළව කුමන හෝ ලක්ෂණ පෙන්නුම් කරන අයට ව්‍යායාම්වල නිරතවීමට නොපැමිණවිය යුතු බවට දැනුවත් කරවීම.

• ව්‍යායාම් අවසන් කොට යන පුද්ගලයින් නිවසට හෝ වාහනයට ගොඩවන විට සපත්තු බෝතල් විෂබිජහරණයට ලක් කිරීම අනිවාර්ය වන අතර ඒ සඳහා විශ්බිජහරණ දියර අඩංගු බෝතල් අදාළ තැනැත්තා සන්තකයේ තබා ගැනීම අනිවාර්ය වේ.

යෝගා මධ්‍යස්ථාන සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග :

• යෝග අභ්‍යාස කිරිමේදී ඒ සඳහා එක් එක් තැනැත්තන්ට නිශ්චිත වර්ග මීටර් ප්‍රමාණයක් වෙන් කළ යුතුය.

• එලෙස වෙන් කරන ලද වර්ග මිටර ප්‍රමාණය මත අදාළ යෝග මධ්‍යස්ථානය තුල එක් සැසියකට සහභාගිවිය හැක්කේ පුද්ගලයින් 15කට පමණයි.

• යෝග මධ්‍යස්ථාන පරිශ්‍රය, වැසිකිලි, ඇඳුම් මාරු කරන ස්ථාන ආදී සියලුම ස්ථාන විෂබිජහරණයට ලක් කිරිම භාරකරුවන් විසින් සිදුකළ යුතුය. ( මෙය සෑම සැසිවාරයක් අවසානයේදී සිදුකළ යුතුය)

• පරිශ්‍රයට ඇතුල්වෙන සෑම දෙනාගේම ශරීර උෂ්ණත්වය මැනිය යුතුය.

• පුහුණුකරු මෙන්ම සහභාගිවන්නන් තමන්ට කොරෝනා රෝග ලක්ෂණ නොමැති බවත්, තම නිවැසියන්ට හෝ ඇසුරු කළ පුද්ගලයෙකු නිරෝධායන ක්‍රියාවලියට ලක් කර නොමැති බවටත්, තමන් කොරෝනා ආසාධිතයෙක් ඇසුරු කර නොමැති බවට තහවුරු කර ගැනීම අනිවාර්යයි.

• යෝග අභ්‍යාස සිදුකිරිමේදී පුහුණුකරු විසින් අභ්‍යාසවල නිරතවන තැනැත්තන්ගේ ශරිර ස්පර්ශ කිරිම නොකළ යුතුය. එලෙස ශරීර ස්පර්ශ නොකරන අභ්‍යාස පමණක් සිදුකිරිමට අවධානය යොමු කළ යුතුයි.

• පුහුණුකරු සහ අභ්‍යාසවල නිරතවන අය මුඛ ආවරණ පැලදීම අනිවාර්යයි.

• ඇඳිරි නිතිය බලපැවැත්වෙන ප්‍රදේශවල එම වේලාවන් හිදී යෝග ව්‍යායාම් මධ්‍යස්ථාන වෙත පැමිණීම සහ පිටව යාම සඳහා අදාළ යෝග මධ්‍යස්ථානයෙන් එම සහභාගිවන්නන්ට නිකුත්කළ ලිපියක් භාවිතා කළ හැකිය.



එම ලිපියේ අදාළ තැනැත්තාගේ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය, යෝග මධ්‍යස්ථානයේ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය, පන්තිය පැවැත්වෙන වේලාව සඳහන් කොට එහි භාරකරුවන් විසින් අත්සන් කළ යුතුයි.

 

views

597 Views

Comments

arrow-up