සහරාන් කාන්තාවන් පුහුණු කළ මධ්‍යස්ථානයක් වටලයි

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කරන ලද ත්‍රස්තවාදි නායක සහරාන් හෂිම් විසින් කාත්තන්කුඩි පාලමුනේ කරබලා ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය කාන්තවන් පුහුණු කිරිමේ මධ්‍යස්ථානයක් අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ නිලධාරීහු සමත්වූහ.
මාවනැල්ල බුදු පිලිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව විසින් අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරිමේදි මෙම ස්ථානය පිලිබදව තොරතුරැ සොයා ගැනිමට හැකිව තිබේ.
පසුව ඔහු සමග කාත්තන්කුඩි පාලමුනේ කරබලා ප්‍රදේශයට ගොස් සියාද් ගාඩන් නැමැති හෝටලය සොය ගැනිමට අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ නිලධාරීහු සමත්වූහ.
පසුව පොලිස් විශේෂ කාර්ය බලකායේ පරීක්ෂා නිළධාරින් පැමින මෙම හෝටලයේ කාමර සහ භුමිය දැඩි පරීක්ෂාවට ලක් කරනු ලැබිය.
හෝටලයේ අයිතිකරැ සහ මිට පෙර මෙම ඉඩමේ අයිතිකරැ ගෙන් ප්‍රශ්ණ කර ඔවුන් ගේ ප්‍රකාශ සටහන් කර ගැනිමට අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ නිළධාරින් කටයුතු කරනු ලැබිය.
මෙම ස්ථානයේ සහාරාන් සමග කටයුතු කල බොම්බ පුපුරැවා ගෙන මිය ගිය අයගේ බිරින්දෑවරැ පිරිසක් මෙම ස්ථානයේ සහරාන් පැවැත්වු දේශණවලට සහාභාගි වි ඇති බව ද පරීක්ෂණ වලින් කරැණු හෙලි කර ගැනිමටද පරීක්ෂණ පැවැත්වු නිළධාරින් සමත් වි තිබේ.
මේ පිලිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ නිළධාරින් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
1670 Views
Comments