ජනපති නම විකුණා මුදල් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට

රාජ්‍ය ආයතනවල රැකියා අවස්ථා ලබා දෙන බවට මහජනතාව මුලාකරමින් මුදල් වංචා කරන පිරිසක් පිළිබද තොරතුරු අනාවරණය වී තිබෙනවා.
ඇතැම් වංචනික පිරිස් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සමීප සබඳතා පවතින බව අඟවමින් මෙම කූට ව්‍යාපාරයේ නිරත වන බවට පොලීසියට තොරතුරු ලැබී තිබෙන අතර ඊට සම්බන්ධ දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනුණා.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් රාජාංගනය හා සෙවනගල, සමගිපුර යන ප්‍ර දේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි. මේ පිළිබඳ වැඩිදුර පරික්ෂන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මෙහෙයවනු ලබයි.
මෙවන් සිදුවීම් පිළිබඳ තොරතුරු ඇත්නම් වහාම දැනුම් දෙන ලෙස බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ජනතාවට දැනුම් දෙයි.
ඕනෑම අවස්ථාවක 071- 8591017 දුරකථන අංකය ඔස්සේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධ කර ගැනීමෙන් හෝ 0112662323 හෝ 0718591727 දුරකථන අංක ඔස්සේ කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් අධිකාරි ජී.ජේ නන්දන මහතා සම්බන්ධ කර ගැනීමෙන් තොරතුරු ලබා දිය හැකියි.
684 Views
Comments