ලංකාවේ හතරෙන් එකක් අල්ලසට කැමතියි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
09

ලංකාවේ හතරෙන් එකක් අල්ලසට කැමතියි

ලංකාවේ හතරෙන් එකක් අල්ලසට කැමතියි

ශ්‍රී ලංකික වැඩිහිටි ජනතාවගෙන් 1/4 අල්ලස් ලබා දීම අනුමත කරන බව 2019 වර්ෂය සදහා දුෂණය සම්බන්ධයෙන් කළ සමීක්ෂණයෙන් අනාවරණය වූ බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර මහතා අද (9) කොලඹ පිහිටි එම ආයතනයේදී පැවසිය.

 

 


මෙරට ජනගහනයෙන් 72% ප්‍රතිශතයක් දුෂණය පිළිබද සිදුවීම් වාර්තා කිරීම සදහා අල්ලස් කොමිසමක් පවතින බව හෝ නොදන්නා බව ද ඔබේසේකර මහතා සදහන් කළේය.

 

 


රාජ්‍ය සේවාවන් ලබාගැනීමට යන කාන්තාවන්ගෙන් 46% පිරිසකට ලිංගික අල්ලස් ලබාදීමට සිදුවන බව එම සමීක්ෂණයෙන් වාර්තා වී ඇතැයිද ඒ මහතා ප්‍රකාශ කළේය.

 

 


මෙම කරුණු අනාවරණය කළ සමීක්ෂණය දුෂණය සම්බන්ධයෙන් මහජන මතය විමසන ලෝකයේ විශාලතම සමීක්ෂණය වෙයි. එහි 2019 වර්ෂය සදහා වන ග්ලෝබල් කරප්ෂන් බැරෝමීටරය ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් අද එළිදැක්විය.

 

views

602 Views

Comments

arrow-up