19 සංශෝධනය කිරීමට රජය සමඟ සාකච්ඡා කිරීමට සූදානම් - කිරිඇල්ල
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
03

19 සංශෝධනය කිරීමට රජය සමඟ සාකච්ඡා කිරීමට සූදානම් - කිරිඇල්ල

19 සංශෝධනය කිරීමට රජය සමඟ සාකච්ඡා කිරීමට සූදානම් - කිරිඇල්ල

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කළ යුතු වෙනස්කම් පිළිබද රජය සමග සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදි ඊයේ (02) පැවැසීය.

 


 
පක්ෂයේ අනුමැතියට යටත්ව එම වෙනස්කම් සිදුකිරීමට  බලාපොරොත්තු වෙන බවත්  කිරිඇල්ල මහතා   සඳහන් කළේය.

 


 
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති   මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු මේ බව පැවැසීය.

 


 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා 

 


 
දැන් ආණ්ඩුවෙන් කියනවා 19 වන සංශෝධනය  අවහිරයක් කියලා. මේ සංශෝධනයේ මොනවද වෙනස් කරන්න තියෙන්නේ කියලා අපි රජයෙන් අහනවා.
 
ඒ වගේම මොනවද වෙනස් කරන්න  ඕන කියලා අපි රජයත් එක්ක සාකච්ඡා කරන්න සූදානම්.   අපිට එක හෙළා කියන්න බැහැ මේක අහෝසි කරන්න සහයෝගය දෙනවා කියලා. අපිට පෙනුනොත් යම්කිසි අඩුපාඩුවක් තියෙනවා කියලා අපි එයට අවධානය යොමුකරලා අපේ පක්ෂයේ අනුමැතියට යටත්ව අපි ක‍්‍රියාකරන්න බලාපොරොත්තු වෙනවා”
යැයිද ඔහු එහිදී පැවැසීය.

 

views

695 Views

Comments

arrow-up