සජිත්ට ගල් ගැසූ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

සමගි ජනබලවේගය රත්මලාන ප‍්‍රදේශයේදී සංවිධාන කළ ජන රැළියකට ඊයේ (29) රාතී‍්‍රයේදී කිසියම් පිරිසක් විසින් ගල් ප‍්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ඒ, සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ජනරැළිය අමතමින් සිටින අවස්ථාවේදීයි.
මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් ගල්කිස්ස පොලීසියෙන් විමසීමක් කළා. එහි ප‍්‍රකාශකයෙකු පැවසුවේ කස්ටම් වත්ත ප‍්‍රදේශයේ පැවැති මෙම ජනරැළියට ගල් ප්‍රහාර 03 ක් එල්ල කර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු ඊයේ රාති‍්‍රයේදීම අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් අයෙකු අද (30) උදෑසන පොලීසියට භාරවී තිබෙනවා.
අදාළ සැකකරුවන් දෙදෙනා බීමතින් සිට ඇති අතර මෙම ප‍්‍රහාරයට කිසිඳු දේශපාලන සම්බන්ධයන් නොමැති බව අනාවරණ වී ඇති බවයි පොලීසිය පැවසුවේ.
773 Views
Comments