ජීවන් තොණ්ඩමන්ට ඇමති ආරක්ෂාව ලබා දී තිබෙන්නේ ඇයි?
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
14

ජීවන් තොණ්ඩමන්ට ඇමති ආරක්ෂාව ලබා දී තිබෙන්නේ ඇයි?

ජීවන් තොණ්ඩමන්ට ඇමති ආරක්ෂාව ලබා දී තිබෙන්නේ ඇයි?

හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ පුත් ජීවන් තොණ්ඩමන් ඔහුගේ මැතිවරණ ප්‍රචාරක රැළි සදහා සහභාගී වීමේ දී ඇමති ආරක්ෂක අංශයේ නිළධාරීන් සහභාගී කරගෙන ඇති බව නිරීක්ෂණය වන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සදහන් කරයි.

 

මේ පිළිබදව අවදානය යොමු කරන ලෙස ඉල්ලා ඔවුන්, ඇමති ආරක්ෂක අංශ ප්‍රධානියාට ලිපියක් යොමු කර ඇති බවද පැවසේ.

 

මෙවර මැතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව ඇති ජීවන් තොණ්ඩමන්ට ඇමති ආරක්ෂාව ලබා දී ඇත්තේ කවර කරුණු සැලකිල්ලට ගෙන දැයි ඔවුන් විමසා සිටියි.

 

views

780 Views

Comments

arrow-up