චීන ජනතාව වෙනුවෙන් තේ තොගයක් පරිත්‍යාග කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
07

චීන ජනතාව වෙනුවෙන් තේ තොගයක් පරිත්‍යාග කරයි

චීන ජනතාව වෙනුවෙන් තේ තොගයක් පරිත්‍යාග කරයි

කොරෝනා වෛරසයෙන් පීඩාවට පත් චීන ජනතාව වෙනුවෙන් තේ තොගයක් පරිත්‍යාග කිරීම ජනාධිපති කාර්යාලයේදී සිදුකෙරුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින්.

 

ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා ජනාධිපතිතුමා අතින් මෙම තේ තොගය භාරගත්තා. දුෂ්කර අවස්ථාවේ චීන රජයට සහ ජනතාවට ශ්‍රී ලංකා රජය සහ ජනතාව දැක්වූ සහායට චීන තානාපතිවරයා කෘතවේදීත්වය පළකළා. වූහාන්වල සිටි ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට දුන් සහාය පිළිබදව ජනාධිපතිතුමාද තානාපතිවරයාට ස්තූතිය පළකළා.

 

මෙම පිරිස ශිෂ්‍යයන් බැවින් ඔවුන්ගේ දෙමව්පියන් දැඩි කනස්සල්ලට පත්ව සිටි බව ජනාධිපතිතුමා පැවසුවා. රෝගය මර්දනයට ගෙන ඇති පියවර පිළිබදව ද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විමසීමක් කළා. එහිදී තානාපතිවරයා කියාසිටියේ වෛරසය පැතිරෙන සියලු ස්ථාන පූර්ණ නිරෝධායන ක්‍රියාවලියට ලක්කර ඇති බවයි. චීන අලුත් අවුරුද්ද ශ්‍රී ලංකාවේ නිවාඩු කාලයක් නොවන බැවින් මෙරට වෙසෙන බොහෝ චීන ජාතිකයින් නව අවුරුදු සැමරීම සදහා චීනයට ගොස් නැවත පැමිණ නැත. ශ්‍රී ලංකාවට නැවත පැමිණීම ප්‍රමාද කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටි බව ද තානාපතිවරයා සදහන් කළා.

 

ආපසු පැමිණ සිටින අයට හුදකලාව සිටින ලෙස දැනුම්දී තිබෙනවා. උත්ගතවූ තත්ත්වය හේතුවෙන් චීනය හා අවට කලාපවල සියලු ආර්ථික හා සමාජ ක්‍රියාකාරකම්වලට දැඩි බලපෑම් එල්ලවුණා. නව වෛරසය පිළිබද පර්යේෂණ මණ්ඩලයක් පත්කර ඇති අතර ඒ සදහා ඉක්මන් විසදුම් ලබාගැනීමට හැකිවනු ඇතැයි ද චීන තානාපතිවරයා ජනාධිපතිතුමා හමුවේ කියාසිටියා.

views

584 Views

Comments

arrow-up