වුහාන් හි සිරවී සිටින සිසුන් රැගෙන එන්න විශේෂ ගුවන් යානයක් පිටත්ව යයි

චීනයේ වුහාන් හි රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL -1422දරන විශේෂ ගුවන් යානය අද (31) පිටත්ව ගිය බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටිනවා.
නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීමත් සමග පසුගිය බ්‍රහස්පතින්දා සිට වුහාන් නගරය වසා දැමීමට චීන බලධාරීන් පියවර ගනු ලැබුවා.
ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනෙක් මේ වන විට වුහාන් හි සිටින අතර ඔවුන් යලි මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව විශේෂ බස් රථයකින් දියතලාවේ පිහිටි සෞඛ්‍ය ආරක්ෂණ ඒකකය වෙත රැගෙන යන බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කර සිටියේ
715 Views
Comments