චීනයේ තවදුරටත් රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් රැගෙන එන්න ගුවන් යානයක් යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
28

චීනයේ තවදුරටත් රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් රැගෙන එන්න ගුවන් යානයක් යයි

චීනයේ තවදුරටත් රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් රැගෙන එන්න ගුවන් යානයක් යයි

උසස් අධ්‍යාපන කටයුතු සඳහා චීනයට ගොස් සිටින ශී‍්‍ර ලාංකික සිසුන් රැගෙන ඒම සඳහා ශී‍්‍ර ලන්කන් ගුවන් සේවයට අයත් යානයක් අද (28) පිටත්ව යනවා. මෙම යානය කටුනායක ගුවන් තොටුපලින් පෙරවරු 9.00 ට පිටත්ව යාමට නියමිතයි.

 


චීනයේ අධ්‍යාපන ලබන ශී‍්‍ර ලාංකික සිසුන් රැගත් ගුවන් යානා 2 ක් ඊයේ (27) පස්වරුවේ මව්බිමට ළඟා වුණා.

 


මෙම ගුවන් යානා දෙකම චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් ඒවායි. පළමු ගුවන් යානය චීනයේ කුංමින්ග් සිටත් දෙවන ගුවන් යානය ෂැන්හයි නුවර  සිටත්  පැමිණ තිබෙනවා.
ශී‍්‍ර ලාංකික සිසුන් 50 දෙනෙකු මෙම ගුවන් යානාවලින් ශී‍්‍ර ලංකාවට පැමිණි බවයි කටුනායක ගුවන් තොටපොළේ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍ය චන්දික බණ්ඩාර වික‍්‍රමසූරිය පැවසුවේ.

 


ඔවුන් සියළු දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවද වෛද්‍ය චන්දික බණ්ඩාර වික‍්‍රමසූරිය තහවුරු කළා. 

 

 
මේ අතර, නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වුයේ චීනයේ හුබෙයි ප‍්‍රාන්තයේ වුහාන් ප‍්‍රදේශයෙන් බවටයි විශ්වාස කෙරෙන්නේ. ශී‍්‍ර ලාංකික සිසුන් පිරිසක් එහි ද රැඳී සිටිනවා. ඒ අනුව එම සිසුන් පිළිබඳ නිරන්තර විමසිල්ලෙන් සිටින බවයි චීනයේ වැඩබලන ශී‍්‍ර ලංකා තනාපති කේ. කේ. යෝගනාදන් පැවසුවේ. 

 


වුහාන් ප‍්‍රදේශයේ රැඳී සිටින ශී‍්‍ර ලාංකික සිසුන් විශේෂ ගුවන් යානයක් මගින් යළි ශී‍්‍ර ලංකාවට පිටත් කර එවීමටද මේ වන විට සාකච්ඡා සිදු කෙරෙන බව චීනයේ වැඩබලන ශී‍්‍ර ලංකා තනාපතිවරයා කියා  සිටියා

 

views

633 Views

Comments

arrow-up