වන සම්පත ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදාවේ සහ චන්ද්‍රිකා තාක්ෂණයේ සහාය
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
19

වන සම්පත ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදාවේ සහ චන්ද්‍රිකා තාක්ෂණයේ සහාය

වන සම්පත ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදාවේ සහ චන්ද්‍රිකා තාක්ෂණයේ සහාය

ත්‍රිවිධ හමුදාව සහ චන්ද්‍රිකා තාක්ෂණය යොදාගනිමින් වන සම්පත ආරක්ෂා කිරීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කරන බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී බී රත්නායක මහතා පවසනවා.

බත්තරමුල්ල පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

වනජීවී ක්ෂේත්‍රයේ ඉදිරි වසර 5 තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත සැළසුම් පිළිබඳව ද අමාත්‍යවරයා නිලධාරීන් සමග සාකච්ඡා කළා.

රටේ වන ගහනය ඉදිරි වසර 5 තුළ වර්ධනය කිරීමට ඉලක්කගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි මාධ්‍යවේදීන් හමුවේ අමාත්‍යවරයා කියාසිටියේ.

වන අලි ගැටලුවට විසදුම් දීමේදී මිනිසා මෙන්ම අලියා ගැනත් සිතා කටයුතු කරන බව ඒ මහතා සදහන් කළා.

 

views

831 Views

Comments

arrow-up