ගම්පහ හෙද කාර්ය මණ්ඩලයේ වර්ජනය තෙවන දිනටත් අද

ගම්පහ මහ රෝහලේ හෙද කාර්ය මණ්ඩලය විසින් ආරම්භ කර ඇති වර්ජනය අද (12) තෙවන දිනටත් ක්‍රියාත්මක වෙමින් තිබේ.
එම රෝහලේ පාලනාධිකාරිය සමග පවතින ගැටළුවක් හේතුවෙන් ආරම්භ කර ඇති මෙම වර්ජනය හේතුවෙන් රෝගීන්ට අද දිනයේ ද දැඩි අපහසුතාවයට පත්වීමට සිදුවිය.
කෙසේ නමුත් සාමාන්‍ය සේවා හැර හදිසි ප්‍රතිකාර සදහා හෙද කාර්ය මණ්ඩලය කටයුතු කරන බව වර්ජනයේ නිරත හෙදියන් පවසයි.
ගම්පහ මහ රෝහලේ හෙද හෙදියන් 427දෙනෙකු කටයුතු කරනු ලබයි.
මෙම වර්ජනයට පෙර රෝහලේ ශල්‍යාගාර 7ක දිනකට ශල්‍යකර්ම 70ක් පමණ සිදුවූ අතර, අද වන විට සිදුකෙරෙන්නේ හදිසි ශල්‍යකර්ම පමණීයි.
එමෙන්ම දෛනිකව සිදුකෙරෙන සායනික ප්‍රතිකාර කටයුතුද මුළුමනින්ම නවතා දමා තිබේ.
වර්ජනය සම්බන්ධයෙන් විසදුමක් ලබාගැනීම සදහා රෝහල් බලධාරීන් සමග පැවැති සාකච්ඡා අසාර්ථක වී ඇති අතර, හෙට (13) බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් සහ බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරිය සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
697 Views
Comments