මාධ්‍ය හමු එපා! – සජිත්ට පොලිස්පතිගෙන් ලිපියක්

පවත්නා තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමක් කැදවා ප්‍රවෘත්ති සාකච්ජාවක් පැවැත්වීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලමින් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීමට වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පියවර ගෙන ඇත.
කොරෝනා ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය උපදේස මත සියලු රැස්වීම් සහ ගමනාගමන කටයුතු අත්හිටුවා තිබීම මත මීට අවසර ලබා දිය නොහැකි බව වැඩබලන පොලිස්පතිවරයා දැනුම් දී තිබේ.
සජිත් ප්‍රේමදාස මහතාගේ පෞද්ගලික ලේකම් නීතීඥ රවි ජයවර්ධන මහතා කළ ලිඛිත ඉල්ලීමකට පිළිතුරු දක්වමින් වැඩබලන පොලිස්පතිවරයා මෙම ලිපිය යවා තිබේ.
869 Views
Comments